හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 78 වැනි ජන්ම දිනය ඊයේ (18) යෙදී තිබුණා. මේ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාමයේදී පවත්වනු ලැබූ අතර ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ අතර එහිදී කේක් කැපීමක්ද සිදුවිය.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එහිදී මෙසේ අදහස් දක්වා තිබේ.
“මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය…. එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා.
බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්”
මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය මුහුණුපොතේ උපන්දිනය ගැන මෙම සටහන හුවමාරු කළේය.
”නිදුක් නිරෝගී චිර ජීවනය උදාවෙන සුබ උපන් දිනක් වේවා..!!!
ලිමිනි, කේසර හා හේෂිත”
මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද යළි දිවයිනට පැමිණි විගස මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවෙසට ගොස් කේක් කපා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කළ අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය , මහින්ද පුතු නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එක්වූ බව වාර්තා විය.