උණුසුම් පුවත්
Search
windy 1 2

හෙටට යෙදෙන උපන්දිනය දා වින්ඩි ගුණතිලකත් යුග දිවියට පිවිසෙයි

627

අපේ සංගීත ක්ෂේත්‍රයේ සිටින ගායන පවුලක් තමයි රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා සහ ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණියන් දෙදෙනා වන රයිනි සහ වින්ඩි කියන්නේ.

එකිනෙකාට වෙනස් වූ ගායන හැකියාවක් තියෙන වින්ඩි සහ රයිනි කියන්නේ ගායන හැකියාවෙන් තම රසිකයන් වසගයට ගන්න ආදරණීය ගායිකාවන් දෙදෙනෙක්.

image 246

වින්ඩි ගැන මේ දිනවල වැඩිපුර කතා බහ කරනවා. ඒ ඇය සනුක වික්‍රමසිංහ සමගින් එකතු වෙලා කල ‘අයියෝ සාමි’ ගීතය නිසා. මේ වන විට එම ගීතය රටවල් කිහිපයකම ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇතුළත් වෙලා තියෙනවා.

image 247

අපේ රටේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක කියන්නේ කාලයක සිටම සංගීත ක්ශේෂ්ත්‍රයට මහගු සේවයක් ඉටු කල ප්‍රවීන ගායකයන්. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි වින්ඩි සහ සනුකගේ ආදර කතාව. මේ ආදර කතාව ගැන පසුගියදා අපිට සුබම සුබ ආරංචියක් දැන ගන්න ලැබුණා. ඒ ආරංචිය ගැන චන්ද්‍රලේකා ගායිකාව මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

image 244

”වින්ඩිගේ උපන්දිනය තියෙන්නේ නත්තලට පස්සෙ දවසෙ. ඉතින් එදාටම එයා බදිනවා. එයා තමයි උපන්දිනය දවසේ වෙඩින් එක ගන්න දින දා ගත්තේ. අපි ඒකට ඉඩ දුන්නා….. මම වින්ඩිට කියන්නේ එකිනෙකට අවබෝධයෙන් හරියට තේරුම් අරන් ජීවත්වෙන්න කියලා. සනුක කියන්නේ හරිම හොද ළමයෙක්. එයා සංගීතය තුළිනුත් හොද ගමනක් යනවා. කාගෙවත් දේවල් කොපි කරන්නැතුව තමන්ගේම දෙයක් කරන කෙනෙක් තමයි සනුක කියන්නේ. හරි සතුටුයි එයා ගැන. එයා අපේ රූකාන්ත වගේ….’’

image 245

මේ විදියටයි චන්ද්‍රලේකා ඇගේ ආදරණීය දියණියගේ විවාහය ගැන අදහස් දක්වලා තිබුණේ.

image 248