උණුසුම් පුවත්
Search

”ඕමික්‍රෝන් සැර බාලයි…. කොවිඩ් අඩු ඒකයි” – වෛද්‍ය හේමන්ත හේරත්

600

මේ වන විට මෙරටින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ දෛනිකව වාර්තාවීම පහළ අගයක් ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සැර බාලවීම නිසා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ජනතාවගෙන් බහුතරයක් කුමන හෝ එන්නත් මාත්‍රා කිහිපක් ගෙන තිබීමත්, ඒ ඔස්සේ ලැබෙන ප්‍රතිශක්තිකරණයන් නිසාවෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් සහනයක් උදා වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව දිනකට හමුවන කොවිඩ් රෝගීන් ගණන 20කට වඩා අඩු වී ඇතැයි ද කියා සිටිනවා.

කොවිඩ් නිරෝධාය මධ්‍යස්ථාන අවම වී ඇති බවත් එනමුත් ක්‍ෂණිකව පැමිණිය හැකි හදිසි අවස්ථාවන් වෙනුවෙන් ඒවා සූදානම්ව පවතින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

දැන් රටේ කොවිඩ් නැතැයි යන අදහසේ නොසිට මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු නිබඳව ආරක්‍ෂා කළ යුතු බවඳ අවධාරණය කර සිටියා.

සුජීව තත්සර




Leave a Reply

Your email address will not be published.