උණුසුම් පුවත්
Search
petrol

තෙල් ගැහිල්ල 30%කින් අඩුවෙයි

165

මේ දින වල පාරිභෝගිකයන් ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් වලට පැමිණීම 30%කින් පමණ අඩුවී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියෝ පැවසූහ.

ඉන්ධන මිල වරින් වර ඉහළ යාම මෙන්ම ඉන්ධන මිලදීගැනීමට වඩා ප්‍රමුඛතාවය දිය යුතු වෙනත් අවශ්‍යතා මේ වන විට පාරිභෝගිකයන්ට ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි ලැබුණද, මීට පෙර දිනක් ඇතුළත පෙට්‍රල් සහ ඩීසල් තොග අවසන් වු නමුත්, දැන් එම තොග අවසන්වීමට දින දෙකක් පමණ ගතවන බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කළහ.

තවද, කිව්.ආර්. ක්‍රමවේදයට අනුව සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමට පවා පාරිභෝගිකයන් වැඩි උනන්දුවක් නොදක්වන බවද ඔවුහු පැවසූහ.

Source – Aruna