උණුසුම් පුවත්
Search
oshadhi

”නුවන් ගුණවර්ධන මගේ මාමා” – තාත්තගේ නම විකුණලා රගපාන්න ආවේ නැති ඕෂධී කියන කතාව

228

විටින් විට කලා ක්ෂේත්‍රයට පැමිණ යන තාරකා අතර ජනතාව අතර ඉහලින්ම ජනප්‍රියත්වය ලබා ඉන්න කෙනෙක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. ඇය මේ දින වල අපිට දැක ගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය හරහා.

image 114

ඉතින් පසු කාලීනව දේශපාලනයට පිවිසෙන ඕෂධී කලා ක්ශේෂ්ත්‍රයේ වැඩි පුර දැක ගන්න ලැබෙන්නේ නැහැ. පසුගිය දින වලදී ඕෂධී ගැන අපිට අහන්නට ලැබුණා සංවේදී පුවතක්. ඒ ඇය හදිස්සි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමත් එක්කයි. ඉතින් එ වගේම ඇයට ඉක්මන් සුව ගොඩක් දෙනා ප්‍රාර්ථනා කරලා තිබුණා. ඉතින් ඕෂධී කියන්නේ කලා පවුලකින් පැවත එන කෙනෙක් කියලා ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක්. ඒ ගැන ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ විදියටයි…..

image 110

”මගේ තාත්තා රංගන ශිල්පියෙක්. නමුත් ඔහු වෘත්තීය විදියට රංගනය කලේ නෑ….. තාත්තගේ වෘත්තීය වුණේ ගමනාගමන මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ රැකියාවයි. ඔහු එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සහ දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යය වල රගපෑවා. මම ක්ශේෂ්ත්‍රයට ආවේ පියාගේ නම විකුණලා නෙමෙයි….

image 111

මගේ පවුලේ ගොඩක් අය කලාවට සම්බන්ධයි. මගේ ආච්චී උදුලා දාඹරේ, සුනීතා වීරසිංහ මගේ ලොකු අම්මා, නුවන් ගුණවර්ධන මගේ මාමා කෙනෙක්. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක් වුණත් මම කිසි කෙනෙකුට කිව්වෙ නෑ…. දැන් වුණත් මම ඒ දේවල් කියන්නේ මම කලා ක්ෂේත්‍රයේ දැන් යම් දුරක් ඇවිත් නිසා….. මට ඕන මගේ නමින් තැනක් හදාගන්න.”

image 112
image 113
image 115