උණුසුම් පුවත්
Search
volga k

”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී

81

පුංචි තිරය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට වොල්ගා කල්පනී හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා ඔබ හමුවන්න එන වොල්ගා කියන්නේ නිතරම දකින්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙවෙයි. මොකද ඇය රඟපාන්නේ තෝරා බේරාගත් නිර්මාණ වල පමණයි. කොහොම වුනත් මේ දවස් වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ ටුටුගේ චරිතය හරහා වොල්ගා දැකගන්න පුළුවන්. මේ කතාබහ ඇයත් සමඟයි.

ඉතින් වොල්ගා කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ?

”කියන්න තරම් විශේෂයක් නෑ…. අපේ රටේ අනිත් සාමාන්‍ය ජනතාවට තියෙන පොදු ප්‍රශ්න ඔක්කොම මටත් ඒ විදියටම තියෙනවා. තෙල් ප්‍රශ්නේ තමයි ලොකුවටම තිබ්බේ, හැබැයි දැන් නම් තරමක් දුරට ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ. අනිත් ප්‍රශ්නේ බඩු මිල. මට විතරක් තියෙන ප්‍රශ්න නෙවේ නිසා හිත හදාගෙන ඉන්නවා….”

image 189

වොල්ගා දැන් රඟපෑම විතරද කරන්නේ?

”නෑ…… මම මේ වන විට ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් විදියට සාධාරණ මිලක් තමයි ඒවාට අය කරන්නේ.

image 196

කොහොමත් මේ වෙද්දී රඟපාලා විතරක් ජීවත්වෙන්න බෑ, කොහොමත් මම මගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් හිටියේ.. ඉතින් ඒක තමයි මේ විදියට ආරම්භ කලේ….”

image 187

වොල්ගා ආදරේ සහ ජීවිතේ දකින්නේ කොහොමද ?

”මම බොහොම සරල කෙනෙක්, හැම වෙලාවේම හැමෝම හොඳින් ඉන්න ඕන කියල හිතන කෙනෙක්…. ඉතින් මම ආදරේ දකින්නේ ලබාගන්න ඕන දෙයක් විදියට නෙවෙයි, තමන් ආදරේ කරන කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න පුලුවන් නම් ඒක තමයි ආදරේ කියන්නේ කියලයි මම හිතන්නේ….

image 195

ජීවත් වෙන ටික කාලයේ දුක සතුට හැමදේම ලැබෙනවා… ඉතින් අපි ඒ දේවල් දරාගෙන ඉන්න ඕන කියලයි මම හිතන්නේ…”

image 190

සිය ජීවිතයේ විවාහය කියන සාධකය තුළ වොල්ගා පළමු වරට ඉන් සමුගන්නවා. ඇය විවාහ වී සිටියේ මෙරට ප්‍රකට රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමඟයි.

කෙසේ නමුත් ඇය මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරනවා.

ඉතින් අපිත් ඇයට ඇයගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

image 194



Leave a Reply

Your email address will not be published.