උණුසුම් පුවත්
Search

”දැන් ඉතින් අපි බබා එක්කම වෙඩින් එක ගන්නවා” – මුතූ තරංගා

659

අපේ රටේ තරමක් නිහඬව කල් ගෙවන ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියන්නේ. පෞග්දලික ජීවිතයේත් නිහඬ පිළිවෙතක් ගත කරන ඇගේ ආදරණීය සැමියා තමයි නිශාන්ත. ඇය මේ වන විට එක්දරු මවක්. මේ කතාබහ උපුටා ගන්නේ මුතු, පසුගිය දවසක පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවක කොටසකින්.

ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා නේද ?

”ඇත්තටම ඔව්….. ජීවිතේ ගොඩක් දේ වෙනස් වුණේ පැටියා කුසට ආපු දවසේ ඉඳලමයි. අපි දෙන්නම කලා කටයුතු වල නියැලිලා හිටියා මිසක් දරුවෙක් ගැන ලොකුවට හිතුවෙ නෑ. අන්තිමට දන්නෙම නැතුව කාලයක් ගෙවිලා ගියා. දැන් ඉතින් වගකීම් දරන්න කාලේ හරි කියලා හිතුණා….

කොහොමත් මම ජීවිතේ ලොකු බලාපොරොත්තු තිබුණ කෙනෙක් නෙවෙයි. ඒවා පස්සෙ දුවපු කෙනෙකුත් නෙවෙයි. මමයි සැමියයි ජීවිතේ හොඳට වින්ඳා. ඇවිද්දා. හැබැයි දැන් හිතෙනවා දරුවෙක් ගැන හිතන්න අපි කල් ගත්තා වැඩියි කියලා. මම මේ තාක් මගේ ජීවිතේ හොඳට වින්ඳා. ඇවිද්දා. මුලින්ම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත් දවසේ මහත්තයා නිශාන්තට කියපු වෙලාවේ එයා සතුට වැඩිකමට නැටුවා….”

මවක් වෙන්න මේ තරම් කාලයක් ගත්තේ කලා කටයුතු නිසාද ?

”අපි විවාහ ගිවිස ගත්තේ 2008. අපි විවාහ උත්සවයක් ගන්න ලෑස්ති වුණා. එහෙම ඉන්නකොට අපිට විදෙස් ගතවෙන්න වුණා. දන්නෙම නැතුව කාලය ගියා. විවාහ වෙන්න කාලයක්ම හිටපු නිසා පස්සේ ඉතින් අපි විවාහ උත්සවයක් ගන්න හිතුවේ නෑ…. ඒක නිකං විහිළුවක් වගෙනේ.

දැන් අපි හිතාගෙන ඉන්නේ බබා එක්කම වෙඩින් එක ගන්න. අපි විවාහ වෙලා අවුරුදු 15ක්. ඇත්තටම මම පසුතැවෙනවා. දරුවෙක් හදන්න වයස ගියා වැඩියි කියලා තේරෙන්නේ දැන්. දැන් මගේ බබා චූටියි. මම වයසයි. ලොකු වෙනකොට එයාගේ ලස්සනම කාලේ ඉන්න බැරිවෙයිද කියලා බයකුත් දැනෙනවා….”




Leave a Reply

Your email address will not be published.