උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ කාලෙක ඉදන් තමගේ රංගන ප්රතිභාව පෙන්වන ශිල්පිනියක්.. ඇගේ වෘත්තීය ජීවිතේට වඩා ගොඩල් දෙනෙක් අවධානයෙන් ඉන්නේ ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන….. ඒත් ඇය ඕනම තැනක ඒ ගැන විවෘතව කතා කරනවා. දේශපාලනයට පිවිසීමත් එක්ක උපේක්ෂා තරමක් පසුබසින නමුත් නැවත කලාවට පිවිස ඒ හිඩැස ඉවත් කරගත්තා කිව්වොත් නිවැරදියි.
පළමු විවාහයට සමුදුන් ඇය දෙවන විවාහයෙන් මව් පදවියත් ලැබූ බව නොදන්නා කෙනෙක් නෑ. කොහොම නමුත් මේ වන විට නම් ඇය සිංගල් මාම් කෙනෙක් කියලත් ප්රසිද්ධයි. මේ ඇගේ අත්දැකීම් පුවත්පතක් එක්ක ඈ බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි..
“මම ආස වුණේ සාම්ප්රදායික බිරිඳක් වෙන්න….. මගේ අම්මගේ ආදරෙත් මට පොඩි කාලේ හරියට ලැබුණේ නෑ… ඒ එයාගේ රැකියාව නිසා….. කොහොම වුණත් මම වැඩි හරියක් හිටියේ හොස්ටල් වල..
ඒත් මම ාඅදරය කියන දේ හරියට හෙව්වා.. ආදරයට කොහොමත් ගෑනු කෑදරයි නේ….. මගේ ඉක්මන් කලබලකාරී තීරණ මාව සම්පූර්ණයෙනම වෙනස් කලා.. පෙම් කරන කාලේ ඉන්න එයාමද විවාහා වෙලා ටික දවසකට පස්සෙ ඉන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා.. ඒත් මට අම්මා කියන දේවල් හිතන්න තිබ්බා කියලත් මම දැන් හිතනවා.
මට එහෙම හිතෙනකොට මම පරක්කු වැඩී.. කොහොම වුණත් දැන් මට ලස්සන දුවෙක් ඉන්නවා.. අපි දෙන්නට ඉන්නේ අපි මේ රට ඇතුලේ අපි දෙන්නා විතරයි…. මොකද මගේ අම්මත් මේ ළඟදී විදේශගත වුණා…”
ඇය තමගේ ජීවිත කතාවේ එක පරිච්ඡේදයක් ගැන කිව්වේ ඔය විදියට තමයි.
ඉතින් දියණියත් එක්ක දිවි ගෙවන උපේක්ෂා කලා නිර්මාණ ඔස්සේ යළිත් ප්රේක්ෂකයින්ට දැකගන්න පුළුවන්.