උණුසුම් පුවත්
Search
kanchana

”දැන් ඉන්ධනහල් පාලනය කරන්නේ පාතාලෙන්” – කාංචන විජේසේකර

123

මේ වන විට ඉන්ධනහල් වල පාලනය පාතාලය විසින් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අද (03) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බවත් එසේ ලබාදෙන ඉන්ධන බෙදාහැරීමේ වගකීම ඇත්තේ ඒ ඒ ඉන්ධනහල් වෙත බවත්ය.

එසේම පසුගිය දින 10ක කාලය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවුණත් මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක වාහන මාර්ග වල පවතින බවත් ඔහු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published.