උණුසුම් පුවත්
Search
sachini

”දැන් මට ෆාමසියකින් ග්ලව්ස් ඉල්ලන්නත් බයයි” – සචිනි අයේන්ද්‍රා

154

“සචිනි ග්ලව්ස් අරන්ද දැන් ආවේ….” පසුගිය HOUSE FULL වැඩසටහනේදී ඉසුරු තමයි මේ විදියට ජනප්‍රිය නිරූපණ ශිල්පිනි සචිනි අයේන්ද්‍රාට ප්‍රශ්නයක් යොමු කළේ.

සචිනි ග්ලවුස් දාලා බත් කන වීඩියෝව පහුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ සෑහෙන කතාබහකට ලක්වුණානෙ.

image 64

ඔන්න ඉතින් සචිනි ඒ ගැන පළවෙනි වතාවට මේ විදියට උත්තර දීලා තිබුණා.

“ග්ලව්ස් දෙකක් අද නම් නෑ… දැන් මට ෆාමසියකින් ග්ලව්ස් ඉල්ලන්නත් බයයි වගේ… මේ වෙච්ච ප්‍රශ්නත් එක්ක ! මෙහෙමයි සාමාන්‍යයෙන් ලෝකයේ සමහර රෙස්ට්ටොරන්ට් වල අපි කන කෑම හැටියට ග්ලව්ස් දෙනවා.

image 66

පිටරට වල ඒක සාමාන්‍යය දෙයක්. මම ග්ලව්ස් දාලා බත් කන්න ඉගෙනගත්තෙ අමෙරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන්…. එක පාරක් බත් කෑවොත් මේ නේල්ස් ටික ඉවරයි. ඒක කහ පාට වෙනවා…. මට දැන් අරක ඉගෙනගත්තාම වාව්… මම හොයාගත්ත හොඳම දේ ඒක…” කියලා තමයි ඇය පිළිතුරු දීලා තිබුණේ.

image 65

කොහොම නමුත් සචිනි අයේන්ද්‍රා කියන්නේ රටම රන්න රංගන ශිල්පිනියක්. නමුත් ඇය මේ වන විට නම් කලා කටයුතු වලින් තරමක් ඈත්ව ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා.

image 63
image 67