මෙරට කලා ක්ෂේත්රයේ ජනප්‍රියම වගේ සුන්දරම රංගන ශිල්පිනියක් විදියට කිරුළු දරාගෙන ඉන්න චරිතයක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. සිනමාපට රංගන ශිල්පිනියක වගේම ටෙලිනාට්‍ය හරහාත් රුවන්ගි ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් ස්පර්ශ කරන්න සමත් වුණා. මේ කතාබහ උපුටා ගත්තේ රුවන්ගි සමඟ කළ පුවත්පත් සාකච්ඡාවකින්.
රුවන්ගි කොහොමද, මේ දවස්වල මොකද වෙන්නේ ?
”මේ දවස්වලනම් වැඩිපුරම ඉන්නේ ගෙදර, පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා… කොහොම වුනත් ටිකක් නිදහසේ ඉන්න කාලයක් මේක”
ඉතින් මෙහෙම රඟපාන්නේ නැතුව හිටියම ඔබට තියෙන ජනප්‍රියත්වය අඩුවෙන්නේ නැද්ද ?
”නෑ…. මම එහෙම හිතන්නේ නෑ… කලා ක්ෂේත්රයේ රුවන්ගි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්, ඒක නැතිවෙන්නේ නෑ… මට තියෙන තැන හැමදාම ඒ විදියටම තියෙනවා, මම අවුරුද්දක් රඟපාන්නේ නැතුව හිටියත් ප්‍රේක්ෂකයින්ට මාව මතකයි… මට දැනෙන විදියට රුවන්ගි කියන රංගන ශිල්පිනිය ඉන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ…. ඇත්තටම මට ආඩම්බරයි මම ගැන..”

ආදරණීය සැමියා පිලිබඳ වගේම විවාහ ජීවිතය ගැන මොකද කියන්න තියෙන්නේ ?
”සැමියා ගැන කියනව නම් කියන්න තියෙන්නේ, මම ගිය ආත්මෙක කරපු විශාල පිනක් නිසා තමයි අපි මුණගැහුනේ…. මොකද මගේ ජීවිතේ මම බලාපොරොත්තු වුණාටත් වඩා එයා හොඳයි…. පවුලේ ජීවිතේ ලස්සනට ගෙවාගෙන යනවා… එයා නිතරම මම ගැන හොයලා බලනවා… ඒ වගේ ආදරයක් ලබන්න මම වාසනාවන්ත වුන එක ගැන සතුටුයි ඉතින්….”

දැන් දෙන්නා විවාහ වෙලා ගොඩක් කල්නේ… ඔයාලගේ පුංචි කැදැල්ලෙන් කිරි සුවඳ හමන්න කාලය හරි නේද ?
”ඔව් අපි විවාහ වෙලා දැන් ටික කාලයක් වෙනවා, ඇත්තටම මම ආසාවෙන් බලාගෙන ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න…. බැඳපු මුල් දවස්වලම අපි බබාලා හදන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ… හැබැයි දැන් ඒ දේට කාලය හරි….. ඉතින් ලබන අවුරුද්දෙවත් පුංචි බබෙක්ගේ මූන බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ… බලමු ඉතින්… දැන් මට ඕන ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න…”





