උණුසුම් පුවත්
Search
yureni noshika

”දැන් නම් මටත් හිතෙනවා කට්ට ගහගන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා” – සරාගී නිලි යුරේනි නොෂිකා

10719

නිරූපණ ශිල්පිනියක් ලෙසත් රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසත්, නර්තන හැකියාවත් ප්‍රගුණ කරමින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ඒ වගේම ඇය ගායිකාවක විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. කාලයෙන් කාලයට පුවත් මවන යුරේනි කියන්නේ, අධ්‍යාපනික මට්ටම අතිනුත් ඉදිරියෙන් සිටින කලා ශිල්පිනියක්. ඉතින් මේ කතාබහ යුරේනි එක්ක කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තක්.

යුරේනි තවම තනිකඩ කෙනෙක් නේ… ඉතින් ඔබට ආදරය සහ විවාහය පිලිබඳ මොකද හිතෙන්නේ?

”මෙහෙමයි! ආදරය කරලම විවාහ වෙන්න ඕන කියලා නෑ, බැන්දට පස්සෙත් ආදරයක් පටන්ගන්න පුළුවන් කියලයි මම හිතන්නේ…..

සමහර අය ආදරය කරන්න පටන් ගන්නේ විවාහයෙන් පස්සේ… එහෙම ආදර කතා ගොඩක් ශක්තිමත්, විවාහ වෙන්න කලින් කතාබහ කරලා අඳුරගත්තම විවාහ ජීවිතේ බෝරින්ග් වගේ කියලා මට හිතෙනවා…..”

Yureni Noshika shri lankan actress 15 | DreamPirates

යුරේනි සමාජ ජාලාවල ඔබ ගොඩක්ම ජනප්‍රිය ඔබගේ විලාසිතා නිසා… ඉතින් ඔබගේ විලාසිතා ගැන මොකද කියන්න තියෙන්නේ ?

”මම මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 10ට වඩා වැඩියි…. ඉතින් ඒ කාලේ ඇතුලට මම මට හොඳයි කියලා හිතෙන විලාසිතා ගොඩාක් කරලා තියෙනවා…. කොට ගවුම් වගේම ඔසරියත් මට හොඳට හුරුයි…. මම එකිනෙකට වෙනස් විලාසිතා කරන්න කැමති කෙනෙක්. සමහර අය මම අඳින පළඳින විදියට කැමති තව සමහර අය කැමති නෑ…. ඉතින් ඒ අය විවේචනය කළා කියලා මම විලාසිතා කරන එක නතර කරන්නේ නෑ……”

Yureni Noshika is an actress in Sri Lankan cinema and television as well as  a singer and media personality. Born: 1987 Sri Lanka Yureni… | Actresses,  Model, Glamour

යුරේනි තනියම ඉන්න කෙනෙක්… ඉතින් යුරේනි ඔයාගේ සින්දුවේ වගේ සාරිපොටේ කට්ට ගහගන්න කෙනෙක් තාම හොයාගත්තේ නැද්ද ?

”ඇත්තම කියනව නම් දැන් නම් මටත් හිතෙනවා සාරි පොටේ කට්ට ගහගන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා…. එහෙම කෙනෙක් ඉක්මනටම ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා…. මටත් දැන් මෙහෙම තනියම ඉඳලා එපාවෙලා තියෙන්නේ… මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්න නෑ, ඉතින් මමත් ආදරේ කරන්න සර්ව සම්පූර්න කෙනෙක්ව හොයන්නේ නෑ… මට ඕන අවංකව වැඩ කරන තව කෙනෙක්ට ගරු කළ හැකි පුද්ගලයෙක්…. හැබැයි කම්මැලිකමෙන් ජීවත් වෙන කෙනෙක් නම් මට ගැළපෙන්නේ නැහැ….. ඉතින් ඒ වගේ කෙනෙක් ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා…” කියලා තමයි ඇය කිව්වේ….

yureniy
yureni noshika on Twitter: "https://t.co/2Pjr3W3QHb" / Twitter



Leave a Reply

Your email address will not be published.