උණුසුම් පුවත්
Search
menaka

”පෙම්වතා කියපු නිසා කලාවට සමුදුන්නට දැන් මට පෙම්වතත් නෑ, කලාවත් නෑ…” – මේනකා මධුවන්ති

715

කාලයක් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වුණ ඇය දැන් නම් පුංචි තිරය හරහා දැක ගන්නට ලැබෙන්න්නේ නෑ. මේ වන විට කලාවෙන් ඉවත් වෙලා අවුරුදු ගණනාවක් වන මේනකා මධුවන්ති කාලයක් වැඩිපුර කතා බහට ලක් වෙන චරිතයක් වුණේ ඇය කරන විලාසිතා නිසා.

May be a close-up of 1 person and jewellery

ඉතින් කලාවෙන් ඈත් වෙලා දුර රටක ජීවත් වෙන මේනකා කලාවට සමුදුන්නේ හේතුවක් මතයි. ඉතින් ඒ හේතුව නිසා ඇය කලාවට සමු දීලා හිටියත් මේනකා තේරුම් ගත්ත දේ තමයි කලාව තුළ වුණත් හැමදාම ඉන්න බැරි බව. මේ වන විට ඩුබායි රටේ ජීවත් වන ඇය මුලින්ම ඩුබායි රටට යන්නේ ඩිප්ලෝමා එකක් කරන්න. ඊට පසුව ලංකාවට යනවට වඩා ඩුබායි වලම ඉන්න එක සුදුසුයි කියලා ඇය ඩුබායි වලම ඉන්න තීරණය කරන්නේ. ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වුණා මේනකා මධුවන්ති මොකද කලාවෙන් ඉවත් වුණේ කියලා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

”මම කලාවෙන් අයින් වුණේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කිව්වා රංගනයට සමුදෙන්න කියලා…… එයා කැමති නෑ මං රගපානවට. අවසානෙදි මම රංගනයට සමුදුන්නා එයා කියන දේ අහලා….. ඊට පස්සේ මට රංගනයත් නෑ, එයත් නෑ. එයාගෙ හොර වැඩ මට මාට්ටු වුණා. මම සමාවත් දුන්නා….. නමුත් එයා හැදෙන කෙනෙක් නෙමෙයි….”

May be an image of 1 person

මේ විදියටයි මේනකා මධුවන්ති ඇගේ අදහස් දක්වලා තිබුණේ.

කොහොම නමුත් දැන් නම් ඇය ආදරය ගැන කිසි සේත්ම හිතන්නෙත් නෑ සහ විවාහ වෙන්න කිසිම ආසාවක්, බලාපොරොත්තුවක් නෑ කියලයි මේනකා කියන්නේ.

May be an image of 1 person, standing, outdoors and tree