අපේ රටේ නමක් දිනා සිටි රංගන ශිල්පිණියක් තමයි මේනකා පීරිස් කියන්නේ.
මේ වන විට ඇය දකින්න නොමැති වුණත් ඇයව අමතක වූ ප්‍රේක්ෂක පිරිසක් නම් නැති තරම්.
රංගනයට වගේම නර්තනයටත් අපූරු දස්කම් දැක්වූ ඇය වසර දෙකක නිහැඬියාව බිඳිමින් නැවතත් සිය හඬ අවදි කරලා තියෙනවා.

අද දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ මාතෘකාව මේනකා කිව්වොත් හරි.

ඉතින් ඇය වෘත්තීය මට්ටමෙන් කොයි තරම් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තත් පෞද්ගලික ජීවිතේ නම් යම් යම් කඩාවැටීම් වලට ලක්වුණ කෙනෙක් කිව්වොත් හරි.

වසර දෙකකට පසු සමාජ මාධ්‍ය භාවිතයට පැමිණි මේනකා සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

විදෙස්ගත ලාංකිකයෙකු වූ ගණකාධිවරයෙකු සමඟ ඇය පළමු වරට විවාහ වනවා. ඉන් අනතුරුව සිය සැමියා නිසා නොර්වේ රාජ්‍යයට යන ඇය නැවතත් කාලයකට පසු මෙරට්ටට එන්නේ තනිවමයි. ඉන් අනතුරුව එම විවාහයට සමුදෙන ඇය කලා ක්ෂේත්රයේම නමක් දිනූ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් වන රනිල් කුලසිංහ සමඟ දෙවන වර විවාහ වුණත් ඒ විවාහයටත් වැඩි ආයුෂ නෑ.

ඒ විවාහයට සමුදීමත් සමඟ මේනකා ක්ෂේත්රයෙන් පවා නිහඬව කාලය ගත කරන අතර අනතුරුව ඇය එම නිහඬතාවට පිළිතුරු දෙන්නේ පුංචි පුතු පැටියෙකුට ද මවක් වෙමිනුයි.

තෙවන වරට ඇය විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙකු වන ඩිල්ශාන් පතිරණ සමඟයි.
කෙසේ නමුත් බාධක හමුවේ ගොඩනගා ගනිමින් ඔවුන් දැන් ගත කරන සුන්දර ජීවිතය පවත්වාගෙන යන්න ශක්තිය ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.
