උණුසුම් පුවත්
Search
NORTH KOREA COVID

දකුණු කොරියාවෙන් එවන ද්‍රව්‍ය හරහා උතුරු කොරියාවට කොවිඩ් පැමිණි බවට මතයක්

275

කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන උතුරු කොරියාවට කොරෝනා වෛරසය පැමිණ ඇත්තේ දකුණු කොරියාව හරහා පැමිණෙන යම් ද්‍රව්‍ය ජනතාව විසින් ස්පර්ශ කිරීම නිසා බවට ජනතාව තුළ මතයක් ගොඩ නැගීම සඳහා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

දකුණු කොරියාවේ සිට උතුරු කොරියාව දෙසට එවනු ලබන බැලුන් ඇතුළු ද්‍රව්‍යයන් උතුරු හා දකුණු කොරියානු දේශසීමාව මත පතිත වන බවත් ඒවා ගැනීමට යන උතුරු කොරියානුවන් එම ද්‍රව්‍ය අතපත ගෑම හේතුවෙන් කොරෝනා වෛරසය උතුරු කොරියාවට පැමිණ ඇති බව පෙන්වා දෙන උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය එම ද්‍රව්‍ය අතපත ගෑමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

දකුණු කොරියාවේ ක්‍රියාකාරීන් විසින් වසර ගණනාවක සිට උතුරු කොරියාවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා මානුෂීය ආධාර යවනුයේ බැලුන් හරහා වන අතර මෙයට ප්‍රතිචාර දක්වා ඇති දකුණු කොරියානු බලධාරීන් පවසා ඇත්තේ මෙසේ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් කොරෝනා නොවැළඳෙන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *