උණුසුම් පුවත්
Search
north korea

බඩවැල් ආශ්‍රිතව වැළඳෙන නව වසංගතයක් උතුරු කොරියාවෙන්

180

බඩවැල් ආශ්‍රිතව වැළඳෙන හඳුනා නොගත් වසංගත රෝගී තත්ත්වයක් උතුරු කොරියාවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ඇකිවුඩ් එන්ටෙරික් එපිඩමික්’ ලෙසයි මෙම රෝගය හැඳින්වෙන්නේ.

මෙම රෝගී තත්ත්වය වැළඳුණු සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව උතුරු කොරියාව අනාවරණ නොකරන අතර, තත්ත්වය පාලනය කර ගැනීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හේජු (Haeju) වෙත යොමු කර තිබෙනවා.

කොවිඩ් – 19 පාලනයට දැඩි පියවර අනුගමනය කරමින් සිටින පසුබිමකයි, උතුරු කොරියාව මෙම නව වසංගත තත්ත්වයට මුහුණ දී සිටින්නේ.

උතුරු කොරියානු නායකයා උපදෙස් ලබා දී ඇත්තේ රෝගය පැතිරීම පාලනයට අවශ්‍ය කඩිනම් හා දැඩි පියවර ගන්නා ලෙසටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *