උණුසුම් පුවත්
Search
channa perera

”ගයත්‍රිගෙන් දික්කසාද වුණ එක ගැන පසුතැවීමක් නෑ” – යළිත් විවාහයට සැරසෙන චන්න පෙරේරා

26880

චිත්‍රපට අධ්‍යක්ෂ හා ජනප්‍රිය ටෙලි නළු චන්න පෙරේරා සතිඅන්ත පුවත්පතකට ගයාත්‍රීගෙන් දික්කසාදවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. එහි උපුටා ගැනීමක් මෙසේයි.

සිදුවුණු දේවල් වලට පසුතැවිල්ලක් නැද්ද?

”අනේ නෑ…. මට ලස්සන දුවල දෙන්නෙක් ලැබුණා. අපේ පවුලෙ ගෑනු ළමයි නැති නිසා මගේ විශේෂ කැමැත්තක් තිබුණෙ දුවලට. හැමදාම මං ප්‍රාර්ථනා කළේ දුවෙක්. මට දූල දෙන්නෙක්ම ලැබුණා…. ජීවිතේ වෙන්න තියෙන දේවල්නේ වෙන්නේ. ඒ නිසා කිසිම පසුතැවිල්ලක් නෑ…. ජීවිතය ගලාගෙන යද්දි ඒකත් අත්දැකීමක්. මට මෙහෙම සතුටකුත් තියෙනවා. ජීවිතේ ඒ ඒ කාලෙදි කරන්න ඕන හැම දෙයක්ම මං කළා. මං හිතනව මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා. නළුවෙක් විදිහටත් මං ආස කරපු අපේක්ෂා කරපු දේවල් මට ලැබුණා. මිනිස්සුන්ගේ ආදරේ නොඅඩුව ලැබුණා. තවත් මොනවද ඕන…..”

No photo description available.

ආදරෙන් විවාහ වුණු ඔබ දෙදෙනා වෙන් වෙන්න හේතුව මොකක්ද ?

”එහෙම කිසිම හේතුවක් නෑ. ඒ අපි දෙන්නගෙ තිබුණු නොගැළපීම….. අපි දෙන්න දෙන්නෙක්නෙ. මම චන්න පෙරේරා. එයා ගයත්‍රි ඩයස්. සිදු වුණු සමහර දේවල් අද වැරදියි කියල හිතුනට ඒ වෙලාවේ වැරදියි කියල හිතෙන්නෙ නෑනෙ…….. මට සාපේක්ෂව මං හරියි කියන දේ වගේම ගයත්‍රිට සාපේක්ෂව එයා හරියි කියල හිතන දේත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික්කර ගන්න බෑ ඉතින්.”

No photo description available.

නොගැළපීම් ගළපගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා නේද?

”ඔව්. එහෙමත් කියනවා…. අපිටත් දරුවො වෙනුවෙන් ලොකු ඉවසීමක් තිබුණා. මං කියන්නෙ නෑ අපි ගත්ත තීරණේ හරිම තීරණේ කියලා. දික්කසාද වෙන එක නෙවෙයි එකම තීරණය….. ඒ වෙලාවෙ අපිට වෙන විසඳුමක් පෙනුණෙ නෑ.”

No photo description available.

නැවත විවාහ වෙනවද?

”අනාගතය කොහොම වෙයිද දන්නෙ නැහැ. මේ මොහොතෙ මං ඉන්නේ එහෙම තීරණයක…”

Gayathri Dias's Biography, Wiki, Bio, Age, Height, Weight, Boyfriend, Lifestyle, Family, and More - www.slsocialmedia.com

(නාමලී ගමගේ රසඳුන අතිරේකයට කළ සාකච්ඡාව ඇසුරිනි)

රටම ආදරය කරන ඔහු මේ වන විට පෙම්වතෙක් බව ප්‍රකට රහසක්.

ඔහු ඇයගේ තරුණ පෙම්වතිය සමඟ බොහෝ තැන් වල සංචාරය කරමින් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් වලට එක්කරනු ද දක්නට ලැබෙනවා.

ඔහුගේ පෙම්වතිය ටික්ටොක් හරහා ප්‍රසිද්ධ, ඔහුත් සමඟ සිනමාපටයක පවා රංගනයෙන් දායක වන තරුණියක් වන එනොෂි මෙතුෂලා යි.

No photo description available.

-උපුටා ගැනීමක් සමඟ කළ සංස්කරණයකි –