උණුසුම් පුවත්
Search
Untitled design 19

” කිසි කෙනෙක්ට මෙහෙම බොරු අපහාසවලට ලක්වෙන්න ඉඩ තැබිය යුතු නෑ ” – රංගන ද සිල්වා

148

හිරු නාලිකාවේ සහ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩ කටයුතු කරගෙන යමින් සිටි කාගේත් ආදරය දිනාගත් වැඩසටහන් නිවේදන ශිල්පියෙක් තමයි රංගන ද සිල්වා කියලා කියන්නේ. පහුගිය දවස්වල සර්නවාහිනි නාලිකාවේ ප්‍රදාන නිලයක් දරමින් වැඩ කටයුතු කරගෙන යමින් සිටි ඔහුට නොයෙක් ආකාරයේ අපහාසාත්මක චෝදනා වලට ලක් වීමට සිදු වුණා. ඔහු සම්බන්ධව සිදු වූ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් නිසා එම නාළිකාවෙන් ඉවත් වූ ඔහු ඊයේ දිනයේදී ඔහුට එරෙහිව තැබූ චෝදනාවන්වලට පැමිණිලි කිරීමට සිය බිරිඳත් සමග අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියා. ඉතින් එහිදී ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙවන් සටහනක් තැබීමටත් අමතක කරලා තිබුණෙ නැහැ.

95543255 104081524632407 2353678808768315392 n

” බොරු අපහාසාත්මක ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මාත් බිරිදත් C ID යට පැමිණිලි කළා. කිසි කෙනෙක්ට ඉදිරියේදී මෙහෙම බොරු අපහාසවලට ලක්වෙන්න ඉඩ තැබිය යුතු නෑ.

ඒ එක්කම ආදරණීය ඔබට මා සටහනක් තබනවා..

295533075 490123146448274 1343609747620798803 n

මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂක ජනතාවට සටහනක් තබන්න හිතුවා..මේ සටහන ඒ මට ආදරය කරන අයට පමණමයි. අන් කිසිවෙකුට නොවේ..

ඔබ මා ඉන්න තැන මාත් එක්කම හිටියා..ඔබ මා යන තැනකට මාත් එක්කම ආවා…ඒ දශක දෙකක පමණ කාලයක් මුලුල්ලේ..ඉතින් ඔබ ඇමතීම මගේ වගකීමක් ..මගේ යුතුකමක්..

ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි.. ඇතැම් චිත්‍රපටවල අප දකිනවා හොඳටම ඉන්න මිනිහෙක් නරකම කෙනෙක් විදියට පෙන්වන්න ගහන GAME..කරන කුමන්ත්‍රණ.. සමහර විට ඒවා බලනකොට අපට හිතෙනවා මෙහෙමත් කුමන්ත්‍රණ කරන්න පුළුවන් ද කියලා..හැබැයි ජීවිතයේ හිතාගන්න බැරි වෙලාවක ඒ වගේ කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්න වෙනකොට තමයි දැනෙන්නෙ හැබෑ ලෝකයෙත් මෙහෙම වෙනවනෙ කියලා..

296103225 490123143114941 2332136868044906861 n

ඒ නිසා ඔබට මා කිවයුතු දෙයක් ඇත… මා එදා ඔබ ආදරය කළ රංගනමයි.. හෙටත් එහෙමයි..ඉන්නා ඉසව්වක..ඉන්නා කොදෙව්වක මනුස්සකම රැකගෙන ඉන්නවා.. ඔබේ ආදරය මට රටක් වටිනවා..ඒ ආදරය තමයි මේ දිගු ගමන මා රැගෙන ආවෙ..මට ලැබී තිබෙන මේ සැමදෙයම ඒ ආදරය නිසාමයි..ඉතින් ඒ ආදරයට මා ණය ගැතියි…ඒ ආදරය නොවන්නට මා මේ තැනට නොඑන්නට තිබුණා…

තව එක් දෙයක් කීමට ඇත.. සමහර මිනිසුන් ඉතා අතලොස්සක් හරිම නපුරුයි..හරිම විසකුරුයි.. දුර්දාන්තයි… ඒ නිසා අවසානයේ මෙලෙස සටහන් තබමි… ” කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්වා.. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකෙරෙත්වා.. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා . සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා ස්තුතියි.. “

95273496 104084187965474 6106456434117967872 n