නිරතුරුවම වගේ සමාජ මාධ්‍ය නිසා කතාබහට ලක්වෙන ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි සමඟ කලකට පසු පුවත්පත් සාකච්ඡාවක් සිදුකර තිබුණා.
ඉතින් නිරතුරුවම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය නිසා සමාජගත වුණත් නොදන්නා කරුණු කිහිපයක් ගැන මෙහිදී කතාබහ වෙලා තියෙනවා.
ඉන් උපුටා ගැනීමක් තමයි මේ.
දිනක්‍ෂි නැවතත් ‘ලෝක’ එක්ක පුංචි තිරයට ඇවිත්?
ඔව්. මම අවුරුද්දක් විතර කලාවට සම්බන්ධ වුණේ නැහැ. ඒ බබාගෙ වැඩකටයුතු නිසා. නමුත් ශිවගුරුනාදන් මහත්මයාගේ ‘ලෝක’ ටෙලි නාට්‍යයේ අසෙනි චරිතයත් එක්ක නැවතත් මම ආසාවෙන් වැඩ කරන්න පටන්ගත්ත.

ඔබේ වැඩි කැමැත්ත සිනමාවටද ටෙලි නාට්‍යයටද?
මට එහෙම විශේෂත්වයක් නැහැ. ඒ දෙකටම එක වගේ කැමතියි. නමුත් සිනමා නිර්මාණ ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්නෙ. වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට.
සාරංගව දකින්නෙ කොහොමද?
ඇත්තටම මම සාරංග ගැන හරිම ආඩම්බර වෙනව. එයා කරන වැඩේට සියයට දාහක් කැපවෙන කෙනෙක්. මට සාපේක්‍ෂව එයාගෙ වෘත්තිය වෙනුවෙන් කැපවීම ගොඩක් ඉදිරියෙන් තියෙනව. එවැනි කෙනෙක් මගේ සැමියා වීම ගැන මම ගොඩක් සතුටු වෙනව.

ඔහු ඔබට සීමා දාලද?
අනේ නැහැ. මට කිසිම සීමාවක් දාල නැහැ.
ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?
ජනප්‍රියත්වය කියන්නෙ මම ලබපු භාග්‍යයක්. මම අද යම් තැනක ඉන්නවනම් ජනප්‍රියත්වය තමයි ඒකට හේතු වුණේ. මට ජීවිතයේ දෙයක් ලැබුණ නම්, යමක් දිනාගෙන තියෙනව නම් ඒ මේ ක්‍ෂේත්‍රය නිසා.

දිනක්‍ෂිට වඩා සාරංග ජනප්‍රියයි කිව්වොත්?
අම්මෝ ඔව්. එයා තරම් මම ජනප්‍රිය නැහැ. අපි විවාහ වෙන්නත් කලින් ඉඳන් ක්‍ෂේත්‍රයේ ඉහළින්ම හිටපු කෙනෙක් තමයි සාරංග කියන්නෙ.

ඔබ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණයක් කළොත්?
සාරංග නිෂ්පාදනය කළ ‘ලංසුපතිනියෝ’ ටෙලි නාට්‍යයට මමත් රඟපෑමෙන් එකතු වුණා. මේ දවස්වල අලුත් නිර්මාණයක් නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කරන්න සාකච්ඡා කරගෙන යනව. ක්‍ෂේත්‍රයට අලුත් යමක් දෙන්න ඔහු ආසාවෙන් ඉන්නව. ඒකට මට පුළුවන් හැටියට උදව් කරනව. ඒ වගේම මම හිතනව සාරංග දිගටම නිෂ්පාදන අංශයෙන් එයාගෙ දායකත්වය ලබාදෙයි කියල.

ඔහුගේ අධ්‍යක්‍ෂණය යටතේ ඔබ රඟපාන්න සූදානම්ද?
මම දැනට නම් කියල තියෙන්නෙ මම රඟපාන්න එන්නෙ නැහැ කියල. මොකද අනිත් අයට හොඳින් කිව්වට මට බනිනවනෙ, ඒ නිසා මම එන්නෙ නැහැ කියල විහිළු කර කර ඉන්නෙ. ඒ වුණාට හොඳ චරිතයක් තිබුණොත් සහ මම ඒකට අවශ්‍ය නම් ඒ සහයෝගය ලබා දෙනව.

මෑතකාලීන ආර්ථික රටාවත් එක්ක ක්‍ෂේත්‍රය අර්බුධ රැසකට මැදි වෙලා?
ඔව්. රටේ ප්‍රශ්න වැඩිපුර බලපෑවෙ අපේ ක්‍ෂේත්‍රයට. මිනිසුන්ගේ විනෝදාස්වාදයට. ඒ සමග මේ ක්‍ෂේත්‍රය කඩාගෙන වැටුණ. දැන් නැවතත් ටිකෙන් ටික යථා තත්වයට පත් වෙන්න උත්සාහ ගනිමින් ඉන්නව. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒක සාර්ථක වුණොත් මේ ක්‍ෂේත්‍රයට අනාගතයක් තියේවි.

සාරංග – දිනක්‍ෂි කියන්නෙ සමාජමාධ්‍ය තුළ ජනප්‍රිය චරිත දෙකක්?
අපි අපේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජමාධ්‍ය හරහා බෙදාගන්න දෙන්නෙක්. ඒක එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය කැමතියි, සමහර අය අකමැතියි. මේ දේවල් නිසා විවිධ කතා ඇති වෙනව. අපි ඒ දිහා බලල හිනා වෙලා ඉන්නව.

දරුවාගේ වැඩකටයුතු සිදුවෙන්නෙ ඔබ අතින්මද?
එහෙම විශේෂත්වයක් නැහැ. අපි දෙන්නම තමන්ට ඉඩ තියෙන හැටියට දරුව ගැන බලනව. ඒ යුතුකම් ඉටුකරනව. ඒ වගේම මට ගෙදරිනුත් ගොඩක් උදව් තියෙනව. ඒ නිසාම තමයි ඉක්මණින්ම ආයෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. සාරංගත් මට කියන්නෙ වැඩකරන්න කියල. එයා කැමතියි මම ක්‍ෂේත්‍රයේ ඉන්නවට. මගේ අම්ම තාත්තත් එහෙමයි.

මහේෂ් එදිරිසිංහ
Source – Divaina