උණුසුම් පුවත්
Search
yupun

”ලංකාවේ බලධාරීන් කවුරුත් මට උදව් කරේ නෑ” – දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්

389

තමන් ලැබූ ජයග්‍රහණයේ අයිතිය තමාට සහ තමාගේ කණ්ඩායමට පමණක් අයිති බව ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි.

ස්විස්ටර්ලන්තයේ ඊයේ (03) පැවති ධාවන තරඟයක දී ”දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා” ලෙස කිරුළ පැලදීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

යුපුන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින් දැක්වේ.

The wait is over !!!!!! 9.96 sec 🔥🔥🔥❤️❤️❤

මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බුනා .

ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member !
බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක.
ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.

මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.

ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ…..😂

ඒ හින්දා දැන් මීඩියා වලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න…. 😉

ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.❤️❤️🙏🏽🙏🏽

Thank you my team ! We did it

image 70



Leave a Reply

Your email address will not be published. Required fields are marked *