සමිතා, චිරන්තන කියන්නේ ලාංකීය සමාජ ජාල තුල නිරන්තරයෙන් කතා බහට ලක් වන යුවලක්. ඉතින් ඒ වගේම මේ දෙන්නට නිරන්තරයෙන් විවිධ විවේචන වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්ව. හැබැයි මේ දෙන්නා නම් ඒ දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ.
පසුගියදා ඒ වගේම ඒ දෙන්නගේ ආදරණිය පවුලේ විස්තර යුටියුබ් නාලිකාවක් මඟින් තම රසිකයින් අතර බෙදා ගන්නටත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එකකට කෙනෙක් “චිරන්තයව ගෙයින් දොට්ට දැම්මේ ඇයි?” කියලා අහලා කමෙන්ට් එකක් දාලා තිබුනා. ඉතින් එකට සමිතා මේ විදිහට සැර පිළිතුරක් ලබා දී තිබුනා.

“මගේ ජීවිතේට ඕන තරම් ප්රශ්න ඇවිල්ලා තියනවා, ඒ හැම එකකටම හොඳින් මුහුණ දීපු නිසයි අද ශක්තිමත් කාන්තාවක් විදියට මෙහෙම ඉන්නේ. දරුවන් දෙන්නෙක් පුංචි කාලේ ඉඳලා හදාගත්තේ තාත්තා කෙනෙකුගෙනුත් වෙන්න ඕන යුතුකම් වගකීම් හැම එකක්ම මගේ අතින්මයි කලේ…. ඒකාලේ කවුරුත් ඇවිත් ඇහුවේ නෑ ඔයාලට තියන අඩුපාඩු මොනවද කියලා….

කිසිම කෙනෙක්ට දැන් මාව වට්ටන බැහැ, හැම වෙලාවකම සතුටින් ඉන්න කෙනෙක් මම. සමහරු අහනවානේ ප්රශ්න තියෙද්දිත් සතුටින් ඉන්නේ කොහොමද කියලා… එතන මහලොකු රහසක් නැහැ. අනුන්ගේ ඕපාදුප හොයන්නේ නැතුව ඉරිසියා කරන්නේ නැතුව ඉන්නව නම් තමන්ටත් සතුටින් ඉන්න පුලුවන්.

අනිත් එක මම කාටවත්ම වෛර කරන කෙනෙක් නෙවෙයි… හැම කෙනෙක්ටම උදේ හවස පින් දෙනවා.මට ආදරේ කරන ම්නිස්සු අතරින් සුළු පිරිසක් විවේචනය කරනවා කියලා දන්නවා.

මාත් එක්ක ආදරණිය පිරිසක් ඉන්නවා, ඒ සෑම කෙනෙකුග්ම ආශිර්වාදය අපිට තියනවා. හැමදාමත් මන් උදේ සවස ප්රාර්ථනා කරන්නේ හැම මනුස්සයෙක්ම නිදුක් නිරෝගී වෙන්න කියලා. සමාජයට අපෙන් ප්රශ්නයක් නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ. අපේ පවුල දැන් සම්පුර්ණ වෙලයි තියෙන්නේ හැමදාම සතුටින් ඉන්නේ ඒ නිසයි.”
