ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුව ද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
එමෙන්ම ඇමතිවරයා පවසන්නේ විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
යොහාන් භාසුර