උණුසුම් පුවත්
Search
heshani

”අපේ අම්මට මං මොනවා අරන් දුන්නත් අගයක් නෑ” – හේෂානි ලියඳිපිට

217

හේෂානි ලියදිපිට කියන්නේ මේ වෙනකොට අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් ‘ධරණි’ ටෙලිනාට්‍යයේ හේෂානිගේ චරිතයට ප්‍රේක්ෂකයා බෙහෙවින් ආකර්ෂණය වුණා. විශේෂයෙන්ම හේෂානිගේ බාහිර ස්වරූපයට ගොඩක් දෙනාගේ ආකර්ෂණය ලැබෙන්නේ. ඔන්ලයින් අවුරුදු කුමරියක් ලෙස තමයි ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

May be an image of 1 person, smiling and text

ඉතින් ඇයව මේ දිනවල පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ නපුරු සැර පරුෂ චරිතයක් හරහා. දෙරණ නාලිකාවේම විකාශය වෙන කවුරුත් ආසාවෙන් නරඹන ‘ලොක්කි 2’ ටෙලිනාට්‍යයේ මෙලීෂා විදියටයි හේෂානිව අපිට දැක ගන්න ලැබෙනෙනෙ.

May be an image of 1 person and smiling

ඒ වගේම පසුගිය දා ඇය විවාහ ගිවිස ගැනීමත් අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.

ඒ විතරක් නෙමෙයි හේෂානිගේ උපාධිය ලබා ගන්නවාත් ඇය ඇගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගත්තා. ඉතින් පවුලෙ බාලයා වන හේෂානි ගෙදර තොරතුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person

”අපේ අම්මට කිසිම අඩුපාඩුවක් දැනෙන්න මම දෙන්නෙ නෑ. එයාට මොනව හරි දෙයක් ඕන වෙනවා වගේ වුනාම මම කරන්නේ ගෙනත් දෙනවා. ඒ වුනාට අපේ අම්මට ඒවා කිසිම වැදගත්කමක් නෑ….. මම මොන දේ ගෙනත් දුන්නත් අගය කරන්නෑ. අයියයි අක්කයි රට ඉදන් මොනවා එව්වත් හරියට අගය කරනවා.”

මේ විදියටයි හේෂානි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person