සිරස සුපස්ටාර් මුල්පෙළ තරගකරුවන්ගේ ලැයිස්තුවෙන් අද වන විටත් එදා වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගෙන ජනප්‍රියත්වය ඉහළින්ම සිටින කෙනෙක් තමයි අමිල පෙරේරා කියන්නේ. ඔහු සතුව තිබෙන භාවාත්මක හඬට බොහෝ දෙනෙක් ආදරය කරනවා. කලක් ඉතාමත් නිහඬව හිටපු ඔහු මේ වන විට යළිත් කරළියට ඇවිල්ලා තිබෙනවා.
ඒ වගේම ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක් ද ලෙසයි යූටිබ් වැඩසටහනක් සමඟ අමිල පෙරේරා එකතු වෙමින් මේ විදිහට තමන්ගේ අදහස් එකතු කර තිබුනේ.
“මම විවාහ වුණේ වුනේ 2006 අවුරුද්දේ දී. ඇත්තටම විවාහ වෙලා දරුවන් බලාපොරොත්තු වුනත් අපිට අවුරුදු නවයක් යනකම්ම දරුවන් හිටියේ නැහැ. මේ හේතුව නිසා මගේ බිරිඳ ගොඩක් මානසිකව වැටිලා හිටියේ…. ඒ වෙලාවට මම එයාව ලඟින් ඉඳලා දිරිමත් කරනවා, නමුත් ගැහැණු අයව ටිකක් සනසන්න අමාරුයි…..
අපි එංගලන්තේ ඉන්න කාලේ අපිට හැම සැප සම්පතක්ම තිබුණා. ඒ මොනවා වුණත් දරුවන් ඇති ප්‍රශ්නය අපිට වද දුන්නා. ඒක නිසා ට්‍රීට්මන්ට්ස් වලට අපි එංගලන්තේ ඉඳලා ලංකාවට ආවා. දරුවා වෙනුවෙන් අපි ඒ හැම දෙයක්ම හැමදෙයක්ම අමතක කරලා ලංකාවේ ඉන්නවා….
සාමාන්‍යයෙන් අපි ඉන්නේ කොච්චර දියුණු සමාජයක වුණත් මිනිසුන් හිතෙනව අවුරුදු නවයක් දරුවන් නැතුව ඉන්නකොට ඒ ගැහැණු කෙනා වඳයි කියලා. පිරිමි අය වශයෙන් අපි ගොඩක් ශක්තිමත් විදිහට ඉන්නවා උනාට ගැහැනු අය එහෙම නැහැ, මොකද එයාල පොඩි දේ ගැනත් වැඩිපුර හිතන නිසා….”
ඉතින් ඔහු මේ විදිහට තමයි ආදරණීය පියාණන් කෙනෙක් වශයෙන් අදහස් දක්වා සිටියේ.