උණුසුම් පුවත්
Search

”කොච්චර සල්ලි තිබ්බත් සැමියා පිට යනවා නම් ප්‍රශ්න, මට එහෙම ප්‍රශ්න නෑ” – කෝටිපති ව්‍යාපාරික බිරිය සුලේඛා

60735

මෙරට කලා ක්ෂේත්‍රයේ හිටපු ගොඩක් සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුලේඛා ජයවර්ධන කියන්නේ. සුලේඛා හැමෝම අතර ජනප්‍රිය වුනේ ‘රෑන’ ටෙලි නිර්මාණය හරහායි. ඉන්පසුවත් ටෙලි නිර්මාණ රැසක් හරහාම ඇය ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුනා. මේ වනවිට සුලේඛා විවාහ වෙලා ඉන්නේ. ඒ වගේම ඇය මවක්. සුලේඛා විවාහ වෙලා ඉන්නේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ, ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් වගේම කෝටිපතියෙක් වන අශෝක රන්දෙණිය සමගයි. ඉතින් සුලේඛා මවක් විදියට ගෙවන ජීවිතේ ගැන කළ කතාබහක් තමයි මේ….

මවක් විදියට ජීවත්වෙන ඔබට ඒ හැංගීම කොහොමද දැනෙන්නේ?

”මට මගේ ජීවිතේම ආයෙමත් ලැබුනා වගේ හැඟීමක් දැනෙන්නේ…. මොකද මම පුංචි බබාලට ගොඩක් ආදරෙයි. මගේ චූටි බබා මට මුලින්ම පෙන්නපු වෙලාව් මට ඇඬුනා… දැන් මම මගේ හස්බන්ඩ් සහ දරුවා එක්ක ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා. දරුවෙක් කියන්නේ අපේ බැඳීම තව ලංකරන කෙනෙක්, දරුවෙක් ඉද්දි ඒ පවුලේ බැඳීම ගොඩක්ම ශක්තිමත් වෙනවා. මම ආස වුනේ දුවෙක්ට….. හැබැයි ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා දැනගත්තම අමුතු හයියක් ආවා ජීවිතේට…”

සුලේඛා දැන් විවාහ වෙලා ලොකු කාලයක් වෙනවා. ඔබේ තෝරා ගැනීම හොඳම තෝරාගැනීම කියලා හිතෙනවද ?

”ඔව්! සියයට සියයක්ම…. අපි ආදර සම්බන්ධයකින් තමයි විවාහ වුනේ. මගේ සැමියා ළඟ හොඳ ගති ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ වගේම එයා ගොඩක් හැන්ඩ්සම්…. මට ගොඩක්ම සතුටුයි ඒ ගැන…

එයා කවදාවත් මාව යටත් කරගන්න හදන කෙනෙක් නෙවෙයි. මමත් කැමති නෑ යටත්වෙලා ජීවත් වෙන්න. මම දැකලා තියෙනවා සමහර සැමියන් බිරිඳට අරවා කරන්න එපා, මේවා කරන්න එපා කියනවා. ඒ අතින් මගේ සැමියා ගොඩක් හොඳයි…. එයා කවදාවත් මට එහෙම නීති දාලා නෑ… ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්….”

සුලේඛා දැන් සුපිරි ජීවිතයක් ගත කරනවා කියලා ගොඩක් අය කියනවා ?

”ඔව්! මට ගොඩක් සුපිරි ජීවිතයක් ලැබිලා තියෙනවා…. ඒක නෑ කිව්වොත් බොරුවක්. මගේ මහත්තයා හම්බවුණ දවසේ ඉඳන් මම සතුටින් ඉන්නේ. කොච්චර සල්ලි තිබ්බත් මනුස්සයා පිට යනව නම් ගෙදර ප්‍රශ්න, මානසික ප්‍රශ්න, මට එහෙම ප්‍රශ්නයක් නෑ… මට මානසික සතුට උපරිම තියෙනවා. වැරදි කෙනෙක් හම්බුනා නම් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ.. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් එක්ක තියෙන සුපිරි ජීවිතයට වඩා වටින්නේ මානසික සතුට. හැබැයි මට ඒ ඔක්කොම තියෙනවා…. ඉතින් මං හිතන්නේ ඒ අතින් මම වාසනාවන්තයි… ”




Leave a Reply

Your email address will not be published.