උණුසුම් පුවත්
Search
sangeeth

”ජීවිතේට කොයි තරම් අලුත් කට්ටිය ආවත් මගේ අංක එක අම්මියි තාත්තියි” – සංගීත් සතරසිංහ

1374

අපේ රංගන ක්ශේෂ්ත්‍රය තුළ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහ කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ පුතා ගැනත් ගොඩ දෙනෙක් දන්නවා. ඒ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙන රංගන ශිල්පියෙක් විදියට. ඔහු අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයේ සහ කී ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.

image 69

ඉතින් සංගීත් කියන මේ තරුණියන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගෙන තිබෙන කඩවසම් රංගන ශිල්පියාගේ යූ ටියුබ් නාලිකාව වන සංගීත් ව්ලොග්ස් කා අතරත් ජනප්‍රියයි. ඒ වගේම සංගීත් සහ දිනිති වල්ගමගේ අතර ඇති ආදර සම්බන්ධය ගැන ද ප්‍රේක්ෂකයන් වැඩි පුර කතා බහ කරන්නට වුණා.

image 65

ඉතින් පවුලෙ එකම දරුවා වන සංගීත්, අම්ම සහ තාත්තා සමගින් හුරතලයෙන් ජීවත්වෙනවා.

ඔහුගේ ජීවිතයේ එක් අවස්ථාවකදී ඔහු පරාජය වෙනවා. ඒ ඔහු සිය පළමු විවාහයෙනුයි. ඉතින් සංගීත් ඔහුගේ අම්මයි තාත්තියි ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

image 66

”මගේ ජීවිතේට කොයි තරම් අලුත් කට්ටිය ආවත් මගේ අංක එක අම්මියි තාත්තියි. මොකද අනිත් හැමෝටම වඩා අම්මියි තාත්තියි ලබාදෙන ආදරේ නිර්ව්‍යාජයි. ඉතින් මට මගේ ජීවිතේ එක පාරක් වැරදුනා….. මගේ ජීවිතේ අංක එක අම්මියි තාත්තියි මුල්ම. ඊට පස්සේ තමයි අනිත් හැමෝම පෙළ ගැහෙන්නේ.’’

image 68

ඉතින් මේ විදියටයි සංගීත් සතරසිංහ අදහස් දක්වලා තිබුණේ. හරිම ආදරණීය පවුලක් තමයි සංගීත්ට තියෙන්නේ.

image 67