කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිමන්ති පෝරගේ කියලා කියන්නෙ. බොහෝ ටෙලි නිර්මාණ ඔස්සේ මෙන්ම සිනමා නිර්මාණ ඔස්සේ රසික හමුවට පැමිණෙන ඇය මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ මවක් වනවා. පුංචි තිරයේ පෙම්වතිය ලෙසින් බොහෝ රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරය සහ ආකර්ෂණය දිනාගත් ඇය බොහෝ කලක් මුළුල්ලේ සිට අපට වැඩිය දැක ගන්නට ලැබුණේ නැහැ. ඇයගේ විවාහයත් සමඟ කලා නිර්මාණ තුළින් මදක් ඈත් වී සිටිය ඇය රංගනයෙන් සදහටම සමු අරගෙන කියලා නම් කියලා නැහැ. කොහොම නමුත් නිමන්ති පෝරගේ කියලා කියන්නේ ඉතාමත්ම අවිවේකී චරිතයක් කියලා තමයි ඇය නම් කියන්නේ.

ඇයටම ආවේනික වූ රංගන විලාශයත් කතාබහත් නිසාම බොහෝ රසික රසිකාවියන් ඇයට ප්‍රිය කරනවා. ඒ වගේම තමයි ඇය ඇයට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු අභියෝගයකින් තොරව කිරීමට ඉතාම දක්ෂයි. විටෙක නපුරු චරිත ඔස්සේත් විටෙක අහිංසක චරිත ඔස්සේත් විටෙක පෙම්වතියගේ චරිතය ඔස්සේත් විටෙක විනෝදකාමී චරිතයක් ඔස්සේත් අපට දැකබලා ගන්නට පුළුවන්. පසුගිය දිනකදී ඇයගේ පුතණුවන්ගේ ජන්ම දිනය යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය හරි අපූරු උපන්දින සුභ පැතුමක් ඔහුට එක් කරන්නටත් අමතක කරලා තිබුණේ නැහැ. ඒ මේ විදියට.

“මගේ පුංචි පැටියාට අදට අවුරුදු 15 ක්. ඒත් දැන් එන්න එන්නම පණ්ඩිතයි චූටි කාලෙ වගේ නෙමෙයි තර්ක කරලා දිනන්න හොඳට දන්නවා. කොච්චර පණ්ඩිත උනත් තවමත් මාත් එක්ක රණ්ඩු කරනවා එයාව හුරතල් කරන්න කියලා. මම මැරෙනකම්ම ඔයා මගේ හුරතල් පැටියා තමයි ඔයා මනුස්සකම් වලින් පිරුණු හොඳ ළමයෙක් ඒ නිසා හිතාගන්න බැරි ප්‍රශ්නවලට ජීවිතේ දි මූණ දෙන්න වෙයි ඒ නිසා හිත හොඳ කම මෝඩකම කරගන්නෙ නැතිව හිත හොඳ කම බුද්ධිමත්ව පාවිච්චි කරන්න මොන තරම් අසාධාරණකම් වලට මූණ දෙන්න සිද්ධ උනත් ඔයාගෙ ළඟ තියෙන ඔය මනුස්සකම නැති කරගන්න එපා මොකද පුතේ මනුස්සකම් වලින් පිරුනු හිත හොඳ මිනිස්සු ජීවිතේ ජය ගන්නවාමයි ඔයාට සුභම සුභ උපන්දිනයක් ” ඉතින් ඇයගේ ආදරණීය පුතාට අපිත් සුභම සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
