ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම වන හජ් උත්සවය ඊයේ (09) දිනයට යෙදී තිබුණා.
ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් විසින් සමරනු ලබනවා.
නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.
ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරනු ලබනවා.
හජ් උත්සවයේ උත්කර්ශවත් අවස්තාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවයි.
කෙසේ නමුත් මෙම උත්සවයට සමගාමීව ලොව පුරා විවිධ ආගමික පිරිස් සුබපැතුම් එක්කරනු ලබනවා.
එය සාමාන්‍ය සිදුවීමක් ද වනවා.
නමුත් මෙවර ලංකාවේ, රටේ නායකයාගෙන් සුබ පැතුම් නොලඳ පළමු හජ් සැමරුම ලෙස ඉතිහාසගත වනු ඇති අතර එය සුවිශේෂී සිදුවීමක් ද වනවා.