අද (21) ආරම්භ වන පාර්ලිමේන්තු සභා සැසිවාරය සඳහා තමන්ට සහභාගිවීමට නොහැකි බව මන්ත්රීවරුන් කිහිපදෙනෙකුම ඊයේ (20) දහවල් වන විට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මන්ත්රීවරුන් පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව දන්වා ඇති අතර ඇතැම් මන්ත්රීවරුන්ගේ රියැදුරන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වලට යෑමට බියක් දක්වන බව ද වාර්තා වනවා.
කෝපයට පත් පිරිස් පහර දෙනු ඇතැයි බියෙන් රියැදුරෝ මන්ත්රීවරුන්ගේ වාහන ඉන්ධන පිරවුම් හල්වෙත ගෙන යෑමට මැලිකමක් දක්වන බව ද සඳහන්.
නෝමන් පලිහවඩන