උණුසුම් පුවත්
Search
pooja

”ජීවිතේ ගැන කිසිම කලකිරීමක් නෑ, මම සැමියා එක්ක බැංගලෝරයේ සතුටින් ඉන්නවා” – බොරු ප්‍රචාර වලට පූජා කෙළින්ම උත්තර දෙයි

11829

පූජා උමාශංකර් කියන මේ සිනමා තරුව ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හිත් වසඟයට පත් කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා….

ඇය ඉන්දියාවේ ඉපදුනාට ලංකාවේ සිනමාව තුළින් තමයි ජීවිතය ජයගත්තේ. පූජාට ගොඩක් ආදරය ලැබෙනවා වගේම පසුගිය කාල සීමාවේ දී රසිකයන් හොයන්න පටන් ගත්තා ඇත්තටම ඇයි පූජා නිහඬ වෙලා කාලය ගත කරන්නේ කියලා….

No photo description available.

ඒත් එක්කම සමාජ මාධ්‍ය පුරාවටම ඇය පිළිබඳව ඇතැම් ප්‍රකාශ සංසරණය වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රකාශ වල තිබුණේ පූජා මේ වෙද්දි සාමාන්‍ය ජීවිතයට සමුදීලා අධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් විවිධ වතාවත්වල නිරත වෙනවා කියන දේ…. තවත් සමහර අවස්ථාවන්වල දී ඇය කන්‍යා සොහොයුරියක් වෙලා කියන පුවතකුත් සමාජ මාධ්‍ය පුරාවට ප්‍රචාරය වුණා. හැබැයි ඒ කතාව ඇත්තක් නෙවෙයි කියලා ඇයම තහවුරු කර සිටියා….

May be an image of 1 person and smiling

ඉතින් කාලයකට පස්සේ ඇය පුවත්පත් සාකච්චාවකට එක්වෙමින් මේ හැමදේම ගැනත් මේ දිනවල ඇය ගත කරන ජීවිතය ගැනත් ඇත්තම විස්තර කියලා තිබුණේ මෙන්න මේ විදියටයි…..

Pooja Umashankar (@PoojaUmashankar) / X

”මම හරිම සතුටින් ජීවිතය ගත කරන්නේ. මීට වඩා ලස්සන, සතුටු ජීවිතයක් කොයින්ද කියලා හිතෙනවා…ජීසස් නිසා තමයි මට සියලු දේ ලැබිලා තියෙන්නේ. මම දැනගෙන හිටියේ නෑ මා සතුව එහෙම නිධානයක් තිබෙන බව. මම 2001 දී තමයි ක්‍රිස්තියානි භක්තිකයෙක් වුණේ. මට කවුරුත් බලකලේ නෑ. ජීසස් තමයි මගේ නිධානය. එයා තමයි මගේ පණ. මම ක්‍රිස්තියානි වුණාට මම දැනගෙන හිටියේ නෑ ස්වර්ගයේ සිටින තාත්ති එක්ක තිබෙන බැඳීම. හැබැයි ලොක්ඩවුන් කාලයේදී බයිබලය හැදැරීමේදී තමයි මට තේරුම් ගියේ දුක – සතුට ඔක්කොටොම මේ තාත්ති ඉන්නවනේ කියා. ඒ දවස් වල මම බයිබලය ගොඩක් හැදෑරුවා. ඒ වගේම මේ දවස් වල ගොඩක්ම ඉහුම් පිහුම් ගැන ඉගෙන ගන්නවා. ගෙවතු වගාව වගේම සුරතල් මසුන් ඇති කිරීමේ වැඩත් සතුටින් කරන් යනවා….. ”

No photo description available.

“ජීවිතේ ගැන කලකිරෙන කිසිම හේතුවක් මට නෑ…. මම හරිම සතුටින් ඉන්නවා…. මම විවාහ වුණේ ප්‍රශාන්ත් එක්කයි. ඔහුයි මායි හරිම ආදරයෙන් අද බැංගලෝරයේ ඉන්නේ. එයයි මමයි දෙන්නම බයිබලය හොඳින් හදාරනවා.. අපි දෙන්නම පල්ලි යන්නේ. චැරිටි වැඩසටහන් වලට යන්නෙත් අපි දෙන්නමයි. දෙන්නම එකතු වෙලා තමයි මේ දේවල් කරනේ…. අපි දෙන්නම එක්කෙනෙක් විදියට තමයි බයිබලය හදාරන්නේ. එයත් ක්‍රිස්තියානි……”

No photo description available.

”මම නිතරම ලංකාවට එනවා යනවා…. අන්තිමට මායි ප්‍රශාන්ත් ආවේ ගිය අවුරුද්දේ ජූලි වල. ඒ ඇවිත් බම්බලපිටියේ ගෙදර තිබුණු ඇඳුම්, සපත්තු, බෑග්, ජුවලරි සියල්ලම මම මිනිස්සුන්ට දීලා ආවේ. මොකද මට මෙහෙ ඒවා තියෙන හින්දා…. මම ඇවිත් ගියත් මිනිස්සු දන්නේ නෑ….ඒ හින්දයි ඔවුන් හිතන්නේ මම ලංකාව දාලා ගිහින් කියලා. මේ ජනවාරි ආයෙත් ලංකාවට එන්න හිතන් හිටියේ. ඒත් ඒකට බැරි වුණා. කොහොම හරි මේ අවුරුද්දේ මැද හරි ආයේ ලංකාවට එනවා.”

No photo description available.

”ලංකාවේ රසිකයෝ නිතරම මැසේජ් දානවා, අඬනවා.. එයාලා බොරු ප්‍රචාර වලට රැවටිලා. මම ඔක්කොටොම ආදරෙයි. මම හරි සතුටින් ඉන්නේ….මෙච්චර ආදරේ ලැබෙන්න දෙවියන් වහන්සේ තමයි මට හැමදේම දීලා තියෙන්නේ…. මේ අයගේ ආදරය දකිනකොට මට ජීසස් තමයි මතක් වෙන්නේ.”

මෙන්න මේ විදියට තමයි ඇය සිය රසිකයින් වෙනුවෙන් අදහස් දක්වලා තිබුණේ….

No photo description available.

No photo description available.

No photo description available.

Pooja Umashankar (@PoojaUmashankar) / X

No photo description available.