උණුසුම් පුවත්
Search

නිරෝෂන් ප්‍රේමරත්න ITN මුල් පුටුවට සමුදෙයි

958

ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න රජය සතු ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු දේශපාලනයට පිවිසීමට පෙර එම ආයතනයේම නිවේදකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරනු ලැබුවා.

පසුව ජාතික නිදහස් පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණු ඔහු පසුගිය මහමැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වුණා.

ඒ සම්බන්ධයෙන් දැඩිලෙස සිත් තැවුලට පත්ව සිටි ඔහු දේශපාලන කටයුතු වලින්ද මදක් ඈත්වී සිටියා.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයෙකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් කර නිපුන රණවක, ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකර යන මන්ත්‍රීවරුන්ගේ මැතිවරණය ව්‍යාපාර වලට පමණක් රාජපක්ෂවරු උදව් උපකාර කිරීම නිරෝෂන් ප්‍රේමරත්නගේ පරාජයට හේතු වූ බව එකල මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස කටයුතු කළ ඔහු ඒ අනුව ඉන් ඉවත්වනු ඇති.




Leave a Reply

Your email address will not be published.