උණුසුම් පුවත්
Search
nimal siripala

නිමල් සිරිපාල ද සිල්වා තාවාකාලිකව සිය ඇමති ධුරයෙන් ඉවත් වෙයි

85

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.

ඒ හේතුවෙන් පරීක්ෂණ නිමකරනතුරු ඔහුගේ ඇමති ධුරයෙන් ඉවත්ව ඇත.

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව ගැන පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර ඇත.

කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය බාරව සිටින ජපාන තායිසෙයි සමාගම වෙත සිදු කර ඇති දේශපාලන බලපෑමක් පිළිබදව එම සමාගම ජපන් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කොට ඇත.

ඒ අනුව ජපාන තානාපති කාර්යාලය ජනාධිපතිවරයා වෙත මේ පිළිබදව පැමිණිලි ‌කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පැමිණිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කැදවා දැඩිව මේ පිළිබද විමසීමක් කොට ඇති බවත්, ඊට බාධා නොකරන ලෙස දැනුම් දීමක් කොට ඇති බවක්ද මින් ඉහත වාර්තා විය.

විපක්ෂ නායකවරයා ඊයේ දන්වා සිටියේ අදාළ සමාගම ඇමති සමග සිදු කරන්නට ගිය ගනුදෙනුව ගැන විස්තරයයි.

ජපානය රටවල්වලට ආධාර ලබාදුන්නත් සොරකම් කිරීමට අනුබල සපයමින් ආධාර ලබානොදෙන රටක් ලෙස ප්‍රකටය.

image 88



Leave a Reply

Your email address will not be published.