උණුසුම් පුවත්
Search
dhananjaya

”අයියා ඩිවෝස් වුණා කියලා නිල්මිණීගෙයි මගෙයි බැඳීම නැති වුණේ නෑ” – ධනංජය සිරිවර්ධන

157

කලා පවුලකින් රංගනයට පිවිසි මෙරට බොහෝ දෙනෙක් ආදරය කරන කලාකරුවෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඒ වගේම තරුණියන් අතර වඩාත්ම ජනප්‍රිය රංගන ශිල්පියන් අතරින් ඉහලින්ම ඉන්නේ කෙනෙක් තමයි ඔහු. මේ වන විට ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන ඔහුට සිඟිති දියණියක් ද සිටිනවා. ඉතින් මේ ඔහුත් සමඟ කළ කතාබහකින් උපුටා ගත්තක්.

image 112

ඉතින් ධනංජය පහුගිය කාලෙම අපි ඔබව දැක්කේ අලුත් පරම්පරාවත් එක්ක රඟපාන නිර්මාණ වලින්, ඉතින් කොහොමද අලුත් පරම්පරාව, ඒ අය එක්ක වැඩ කරන්න පහසුයිද…?

”ඔය කතාව සාපේක්ෂයි, අපිට කලින් පරම්පරාව ගත්තොත් ඒ අය එක්ක බලද්දේ අපි අලුත් නේ, මම කොහොමත් ඕනෑම තැනකදී මගේ වැඩේ හරියට කරලා එනවා, මගෙත් එක්ක එක දර්ශන තලයේ රඟපාන අනිත් අයගෙන් හොඳ සපෝට් එකක් ලැබෙනවා නම් හොඳයි, වැඩ කරන්න ලේසියි…

image 114

හැබැයි දැන් හැදෙන පරම්පරාව පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ වැඩේ විතරක් කරලා යන්න. ඉතින් මමත් ඒකම පුරුදු වුණා… හැබැයි කෙනෙක් මගෙන් මේ චරිතය කරන්නේ කොහොමද කියලා ඇහුවොත් මම මට පුළුවන් උපරිමෙන් එයාට මම දන්නා දේවල් කියලා දෙනවා….”

image 111

” ඒ අය එක එක ක්ෂේත්‍ර වලනේ ඉන්නේ…. ඉතින් මට ඒ අයගෙන් උදව් ලැබෙන්නේ නෑ, මම මධුමාධව අයියා එක්ක කතාබහ කරලා ගොඩක් සමගියෙන් ඉන්නවා, හැබැයි මට කිසිම උදව්වක් නම් ලැබෙන්නේ නෑ ඉතින්…”

නිල්මිණි තෙන්නකෝන් ඔයාගේ පලවෙනි නෑනා, රුපවාහිනී වැඩසටහන් වලදී ඔයාව නිතරම මතක් කරනවා..?

”ලංකාවේ ඉන්න අති ධක්ෂ රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් තමයි ඇය, මගේ අයියා මධුමාධ්වගේ පලවෙනි බිරිඳ… ඇත්තටම ඇය මගේ නෑනා උනාට මට එයා මගේම අක්කා වගේ… නෑකම් නැති වුනාට අපි හරිම හිතවත්, එයා අපේ ගෙදරට එද්දී මම පාසල් යනවා…. මම හරිම පොඩියි ඒ කාලේ, ළඟදී මම රංගන දායකත්වය දුන්න නාට්‍යයක් නැවත විකාශනය වුනා, ඉතින් ඒක දැකලා එයා ඒක වීඩියෝ කරලා මට එවලා තිබ්බා….

image 110

අයියා එයාගෙන් ඩිවෝස් වුණාට නිල්මිණි තෙන්නකෝන් කියන්නේ තාමත් මගේ අක්කා… නිල්මිනී අක්කයි මගෙයි අතර තියෙන බැඳීම කවදාවත් නැතිවෙන්නේ නෑ…”

image 113