උණුසුම් පුවත්
Search
monkeypox

මන්කිපොක්ස් නවත්වන්න නයිජීරියාව ”බුෂ්”ගේ මස් තහනම් කරයි

336

ලොව පුරා රටවල් ගණනාවක පැතිර යන ‘මන්කිපොක්ස්’ රෝගය පැතිරීම නතර කිරීම සඳහා යැයි පවසමින් ‘බුෂ්’ යනුවෙන් හැඳින්වෙන පඳුරු ආශ්‍රිතව ජීවත් වන සතකුගේ මස් අලෙවි කිරීම තහනම් කිරීමට අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාව පියවර ගෙන තිබෙනවා.

‘මන්කිපොක්ස්’ රෝගය සාමාන්‍ය රෝග තත්ත්වයක් සේ සැලකෙන නයිජීරියාවේ විශේෂඥයන්ට අනුව මන්කිපොක්ස් රෝගයෙන් ආසාදනය වූ ‘බුෂ්’ නමැති සත්ත්වයාගේ මස් අනුභව කිරීමෙන් එම රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතී.

එහෙත් සත්ත්ව මාංශ අනුභව කිරීම හරහා මෙම රෝගය පැතිරෙන බවට මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නොමැත.

මන්කිපොක්ස් නමැති වෛරස් ආසාදනය වැළඳුනු 06 දෙනකු මෙම මාසයේදී නයිජීරියාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාවත් සමගම මෙතෙක් මෙම වසරේ එරටින් වාර්තා වී ඇති මුළු ‘මන්කිපොක්ස්’ රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *