උණුසුම් පුවත්
Search
new york and singapore

ලොව අධික වියදම් සහිත නගර ලැයිස්තුවේ මුල් තැන නිව්යෝක් හා සිංගප්පුරුවට

222

ලොව පුරා රටවල සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක දී මෙම වසරේ ලොව අධිකම වියදම් සහිත නගරය ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය හා සිංගප්පූරුව ඒකාබද්ධව පළමු ස්ථානයට පැමිණ තිබේ.

image 35
image 36

ආර්ථික බුද්ධි අංශය (ඊ අයි යූ) විසින් ලොව පුරා නගර 172ක් ආවරණය වන ලෙස සිදු කර ඇති මෙම නවතම සමීක්ෂණයට අනුව ලොව අධිකම වියදම් නගර ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට ඊශ්‍රායලයේ ටෙල්අවීව් නගරය පත්ව ඇත. එමෙන්ම එම නගරය ඉකුත් වසරේ ලොව අධිකම වියදම් සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු විය.

image 38

මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය හා හොංකොං රාජ්‍යය ඒකාබද්ධව පත්ව සිටී.

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා ඉන්දියාවේ බැන්ගලෝර් නගරය මෙම ලැයිස්තුවේ 161 වැනි ස්ථානයට පත්ව ඇත.

image 39

නිව්යෝක් නගරය හා සිංගප්පූරුව ලොව අධිකම වියදම් සහිත නගර බවට පත්වීමට හේතු වී ඇත්තේ යුක්රේන යුද්ධය හා කොරෝනා වසංගතයේ බලපෑමෙන් ආහාර හා රැකියා සැපයුම් ජාලයට බාධා පැමිණීමත් සමගම හටගත් අධික උද්ධමනය බව සමීක්ෂකයෝ පවසති.