උණුසුම් පුවත්
Search
pad and aracck

අලුත් බදු සංශෝධනයෙන් මත් පැන් මිල ඉහළට – සනීපාරක්ෂක තුවා මිල පහළට

138

රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සියලුම මත් පැන් සහ බීර වර්ග වල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල සියයට 2.5කින් වැඩි වී ඇත.

තවද දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද ඒ අනුව තීරණය කර තිබේ.

මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක – 60ක මිලකින් අඩුවීමට නියමිතය.

එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වේ.

තව ද ආනයනික නිමි නිෂ්පාදන වල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.