මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ පෙර වාහන හිමියන්ගේ නම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව 2023 මැයි 17 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි සහතිකයේ වත්මන් හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් වේ.
මෙහිදී පෙර අයිතිකරුවන්ගේ සංඛ්‍යාව ලේඛනයේ සඳහන් නොවන නමුත් පෙර හිමිකරුවන්ට අදාළ තොරතුරු පරිගණක පද්ධතියේ පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අලුතින් වාහන ගෙන්වීම නතර කර ඇති පසුබිමක පැරණි වාහන නැවත නැවත අලෙවි වන බැවින් වාහන වෙළෙන්දෝ අතින්අත හුවමාරු වූ වාහන විකිණීමේ දුෂ්කරතාවයකට පත්ව සිටී.
මෙලෙස ලියාපදිංචිය සටහන් කිරීමේ දී එම ගැටලුවට යම් විසඳුමක් ලැබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිවේදනය පහතින්.