උණුසුම් පුවත්
Search
Untitled design 3

” කවදාවත් ජනප්‍රිය වෙන්න මගේ ඇඟ විකුනලා නැහැ ” – නදීෂා හේමමාලි

323

නිරූපන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට ඇවිල්ලා රංගනයට වරම් ලබන නදීෂා හේමමාලි අද වෙනකොට ලංකාවේ ඉහලම තැනක සිටින නිලියක් කියලා කිව්වොත් හරි. රටක් ආදරේ කරන නදීශාගේ අපූරු රංගන හැකියාව සහ ඇයගේ සුරූපී බවත් දකින ඕනෑම කෙනෙකු වශී කරනවා. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලත් රංගනයෙන් දායක වෙන නදීෂා කාලෙකට පස්සේ මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවක්.

Nadeesha Hemamali Bikini Photos 6

මට නිර්මාණ වලට ඕනෑතරම් ආරාධනා ලැබෙනවා, නමුත් ඇරයුමක් ලැබුන පමණින් ඒක බාරගන්නේ නැහැ. අධ්‍යක්ෂක වරයා කවුද නිර්මාණය කුමක්ද කියලා බලලා තමයි තීරණය කරන්නේ ආරාධනාවක් බාරගන්නවද නැද්ද කියලා. මොකද දැන්නම් ගොඩක්ම නිර්මාණ බිහිවෙන්න වාණිජ ලාභයක් මත පදනම් වෙලා පමණයි. ගුණාත්මක නිර්මාණ බිහිවෙන්න හරිම අඩුවෙන්. මට අවශ්ෂ්‍ය වෙන්නේ අර්ථවත් දෙයකින් සමාජයට හොඳ කතාවක් දෙන චරිත.

nadesshabikinilkcelebritygallery 2

අපි ගැන මාධ්‍ය වලත් ඕනෑතරම් කතාකරනවා, පුවත්පත් පත්තර වලට වඩා දැන් සමාජ මාධ්‍ය වලානේ වැඩියෙන් ගොසිප් යන්නේ. ඒවායේ හොඳ සහ නරක දෙපත්තක්ම තියනවා, හැම මාධ්‍යකම එහෙම තමයි. මේ ක්ෂේත්‍රය ඇතුලේ අපි කතාකරද්දී හැසිරෙද්දී කරන කියන දේවල් හැම එකක්ම හොඳ සැලකිල්ලෙන් කරන්න ඕනේ.

Nadeesha Hemamali 61

හැබැයි මාධ්‍ය නිසා මටත් අසාධාරණ වුන අවස්ථා තියනවා. ඒ හේතුව නිසාම මම දැන් ඉදිරිපත් වෙන්නේ සජීවී මාධ්‍ය සාකච්චා වලට පමණයි. කාලයක් පත්තර වලත් නොකියපු දේවල් පලකරලා තිබුනා. කලාකරුවෙක් එක්ක කතාකරලා එක වැරදි විදියට සමාජ ගතකරනවා කියන්නේ ඒ කලාකරුවාට කරන අසාධාරණයක්. විශේෂයෙන් කාන්තාවකට ඕනෑම ක්ෂේත්‍රයක අසාධාරණ වලට ලක්වෙන්න තියන ඉඩ වැඩියි.

nadeesha hemamali spicy photos 0609110242 040

මෙහෙම දේවල් වලින් ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුලුවන්. කාලයක් මම දෙෂලපලනය කළා, ඒකත් තෝරාගත්තේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩුයි කියලා දැනුන නිසයි. නිලියක් වුනා කියලා දේශපාලනය කරන්න බැරි කමක් නැහැනේ. මොන දේ කලත් අපි දැනගන්න ඕන හැසිරෙන්න ඕන කොහොමද කියලා. මගේ ජනප්‍රියත්වය ලබාගන්න කිසිම වෙලාවක වැරදි දේවල් කරලා නැහැ. ගොඩක් ගැහැණු ළමයි රංගනයට ඇවිත් වෙනත් දේවල් වලට යොමු වෙනවා.

actressalbum.com actress nadeesha hemamali hot pics.6 675x1024 1