එදා මෙදා තුර ප්‍රසංග වේදිකාවේ අමතක නොවන හඬ, අතුල අධිකාරි කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු ඒ හඬේ හිමිකරු…. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ කී බෝඩ් වාදකයා ලෙස කටයුතු කළ ඔහු එවකට ලංකාවේ සිටි ළාබාලතම කීබෝඩ් වාදකයා ද වුණා.
පෞද්ගලික ජීවිතය තුළ අතුල කියන්නේ විවාහ දෙකකට සමු දුන් අයෙක් කියන එක නම් නොරහසක්. පසුගිය දිනෙක වැඩසටහනකට එක්වෙමින් අතුල අධිකාරි “සම්මතය සහ අසම්මතය” ගැන මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා…..
“සම්මතය අසම්මතය කොහෙන්ද තීරණය කරන්නෙ.. ??? දෙමව්පියන්ගේ කැමැත්ත අනුවනේ.. සමාජ ක්‍රමය ඇතුළේ තමයි තීරණය වෙන්නෙ. ලෝකෙ හැමතැනම එක වගේ නෑ……. සමහර අයට විවාහ 07ක් පවා කරගන්න පුලුවන්. මීට වඩා ලස්සන ජීවිත ඉස්සර තිබුණා. ඔය අපි අහලා තියෙන්නෙ එකගෙයි කෑම ගැන එහෙමත්…….
විවාහ අත්සනේ තියනවා අයිති කරගැනීමක්.. අත්සන දාපු ගමන් ඕවර් ඇක්ටින් වෙනවා. සමහරු ඒක ඇතුළේ අකැමැත්තෙන් ඉන්නවා. තීරණ ගන්න බැරුව ඉන්නවා. දහ දෙනෙක්ගේ රිසර්ච් එකක් කරලා බලන්නකෝ… එහෙම නෙවෙයි ද කියලා……
ගොඩක් අයට මේ දේවල් මෙහෙම කියන්න බෑ. (විවෘතව කියන්න බෑ) මට ඇත්තටම කියන්න පුලුවන්. සමිතාවත් අමායවත් මම මේ කියන දේට කිසි දෙයක් කියන් නෑ. මොකද එයාලා මම ගැන දන්නවා……”