ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ දිනවල ඔහු හරි ජනප්‍රිය චරිතයක්. විටෙක ගී පද රචකයෙක්, තවත් විටෙක අධ්යක්ෂවරයෙක් වගේම පුවත්පත්වලට තීරු ලිපි ලියන්නෙක් ලෙස ඔබ හමුවට එන කසුන්ගේ ආදර කතාව ගැන සැබෑ තතු ඔබට කියන්නට අපි ඔහුට කතා කළා.
* මේ දවස්වල ඔබේ මුහුණ හරි ජනප්‍රියයි?
මගේ ආදර කතා වල අපේ ආදර කතාව සමාජගතවීමත් එක්ක තමයි ඒ. මටවත් මගේ පෙම්වතීටවත් ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ. මොකද අපි අපිට අවංකයි, ලෝකෙට අවංකයි.
* කසුන්ගෙ ආදර කතාව ගැනත් හරියට කතාබහ වෙනවා ?
බොහෝ ආශීර්වාද ප්‍රශංසා සුබපැතුම් ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. ජීවත්වෙන ටික කාලෙට මිනිස්සු, ගෑනු ආදරෙන් සතුටින් ඉන්නවා නම් කොච්චර දෙයක්ද නේද? මං විශ්වාස කරනවා මේ ලෝකෙ මිනිස්සු – ගෑනු කවුරුත් නරක නෑ, හැම ගෑනිටම මවපු පිරිමියෙකුත්, හැම පිරිමියටම මවපු ගැහැනියකුත් ඉන්නවා. ජීවිතේ හරියට පසල් එකක් වගේ. අපි කිහිප වතාවක් උත්සාහ කරලා හරි අපේ කෑල්ලට ගැළපෙනම කෑල්ල ගළපගන්න ඕනි. එතකොටයි මැරෙනකන් සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන්.
* මාධවී මුණගැසෙන්නේ කොහොමද?
ඇය සහ මම එකම ක්ෂේත්රයක කටයුතු කරන නිසා අපි හමුවුණා. නමුත් අපි හමුවුණේ හුඟක් පරක්කු වෙලා….. මං ලියපු කවියක පද පෙළක් තියෙනවා ”වසන්තය වුණත් ලස්සන පරක්කු වෙලා එනකොට’” කියලා, ඒ වගේම ලෝක ප්‍රකට ලේඛක පාවුලෝ කොයියෝ කියනවා වගේ හැම ආදරණීය හමුවීමක් ම මීට කලින් සැලසුම් කරලා තියෙනවා’ කියලා මං විශ්වාස කරනවා.
* මාධවීගේ තාත්තා ජැක්සන් ඇන්තනි ඔබ දකින්නේ කොහොමද?
ජැක්සන් ඇන්තනී මහත්මයා මං කුඩා කල පටන් ප්‍රිය කරපු දුර්ලභ රංගධරයෙක්, ඔහු අති විශිෂ්ට රංගනයක් ගෙනහැර පෑ අකාල සන්ධ්‍යා’ ටෙලි නිර්මාණය මට අනුව මෙරට නළුවෙක් සිය තරුණ වියේදී එතරම් කැපවීමකින් කළ හොඳම රංගනයයි. ජැක්සන් ඇන්තනී මහත්මයා මගේ නිර්මාණල පද රචනා සහ කුසලතා ගැන ඉතා පැහැදීමෙනුයි හිටියෙ. අපි එකට එක්කහු වෙලා නිර්මාණ කරලා නොතිබුණාට ඔහු ඔහුගේ ජීවිතයේ බිහිකළ හොඳම නිර්මාණය’ වන ඔහුගේ එකම දියණිය මාධවී මගේ පෙම්වතිය වීම මට සැනසිලිදායක සතුටක්.
Source – Divaina