නෙහාරා පීරිස් කියන්නේ ”මුතු කිරිල්ලි” නිසා රටම හඳුනාගත් චරිතයක් කිව්වොත් වරදක් නෑ.
ඒ තරමටම ඇය ජනප්‍රිය වුණේ ”මුතු කිරිල්ලි” ටෙලි නිර්මාණය හරහායි.
බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටින ඇය මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින හුරුබුහුටි නිළියක් කිව්වොත් හරි.
ඉතින් නෙහාරා පළමු වරට විවාහයෙන් සමුගත්තත් දෙවන වරට විවාහ වන්නේ ක්ෂේත්‍රයේම නමක් දිනූ මේනක රාජපක්ෂ සමඟයි.

මේ යුවළ ඉතාමත් සතුටින් ජීවිතය ගෙවනවා.
මේ දෙන්නගේ කැදැල්ල සුන්දර කරන්න මුලින්ම එන්නේ දියණියක්. එයා තමයි මෙයිලි නිකොලා රාජපක්ෂ. නෙහාරා වගේම හැඩකාර මේනකගේ රූ සපුවටත් උරුමකම් කියන දු මැණිකක් තමයි එයා.

ඉතින් මෙයිලිගේ පාලුවට නෙහාරා සහ මේනක තව අමුත්තෙක් ගේන්න හිටිය බව හැමෝම දන්න කරුණක්. ඒ දෙවන වරටත් නෙහාරා මව්පදවියට සැරසෙන බව රටටම හෙළි කිරීමත් සමඟයි.

ඉතින් ඒ අමුත්තා අද ඇවිල්ලා.
එයත් දු මැණිකක් කියලා තමයි දැනගන්න ලැබුනේ.

ඉතින් මේ අලුත් අමුත්තියට දාලා තියෙන නම තමයි නොයිරි මරියා රාජපක්ෂ.
ඉතින් මෙයිලිට දැන් නංගි බබෙක් ඉන්නවා.
