උණුසුම් පුවත්
Search
meili

නෙහාරා සහ මේනක කැදැල්ලේ ලොකු දෝණි, මෙයිලිගේ උපන්දින සැමරුම ජයටම (ඡායාරූප සහිතයි)

1340

රටම හඳුනන රංගන ශිල්පීන් යුවලක් වන මේනක සහ නෙහාරා පසුගිය දා දෙවන වරටත් දෙමාපියන් බවට පත්වුණේ තවත් දියණියකට උපත දෙමිනුයි.

මෙම යුවළගේ පළමු දියණිය මෙයිලි නිකොලා රාජපක්ෂ ගැනත් සමාජ මාධ්‍ය නිසා දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

image 55

විශේෂයෙන්ම මෙයිලිගේ අපූරු ඡායාරූප, වීඩියෝ බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න සමත් වෙනවා.

image 54

ඉතින් මෙයිලිගේ තනියට ආපු අලුත් සහෝදරිය තමයි නොයිරි කියන්නේ.

image 56

නොයිරිගේ පැමිණීමත් සමඟම දින කිහිපයකට පසු මෙයිලිගේ උපන්දිනය යෙදී තිබුණා.

දෙසැම්බර් පළමු වෙනිදාට යෙදී තිබුණු මෙයිලිගේ උපන්දිනය දා ඇයට වසර 02ක් සපිරුණා.

image 57

ඒ වෙනුවෙන් මේනක සහ නෙහාරා අපූරු සාදයක් සැලසුම් කර තිබූ අතර බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඡායාරූප ගැන නොයිවසිල්ලෙන් බලා සිටියා.

image 58