උණුසුම් පුවත්
Search

අනවසර ඉන්ධන අලෙවිය ගැන සොයා රට පුරා මෙහෙයුම්

90

අනවසරයෙන් ඉන්ධන ගබඩා කරගෙන අලෙවි කරන පුද්ගලයන් සොයා අද (22) සිට වැටලීම් සිදුකරන බව පොලිසිය පවසනවා.

දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කිරීමට නියමිතය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුළ ලබාදී ඇති පොදු කොන්දේසි නොතකමින් ඉන්ධන ලබාදුන් ඉන්ධන අලෙවිසැල් 04කට ඉන්ධන ලබාදීම නතර කර තිබුණි.

මෙලෙස ඉන්ධන සැපයුම නතර කර ඇත්තේ මාකොල දකුණ මාකොල ලංකා ඉන්ධන හල, ගාල්ල, කැලණිය, පෙතියාගොඩ සහ මීරිගම ලංකා පිරවුම්පළවල් 04ටය.

යතුරුපැදි සඳහා රුපියල් 2000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීම, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක්, මෝටර් රථ හා අනෙකුත් වාහන සඳහා රුපියල් 8000ක් දක්වා නිකුත් කිරීම යන උපදෙස් නොසළකා කටයුතු කිරීම හා වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් තෙල් තොග සඟවා තැබීම යන කරුණු මුල්කර ගෙන සංස්ථා අලෙවි අංශය මගින් මෙම ඉන්ධනහල් වලට එරෙහිව මෙම පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published.