උණුසුම් පුවත්
Search
nathasha 1 1

හිටි හැටියේම ඕස්ට්‍රේලියා ගිහින් බුකිය කැළඹු නතාෂා පෙරේරා (ඡායාරූප සහිතයි)

102

”සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට…..” කියන පද පේළිය ඇසුණු සැණින් ඔබේ මතකයට එන ආදරණීය සිඟිත්තිය තමයි නතාෂා පෙරේරා. ඒ ගීතය ගයන කාලයේ සිඟිත්තියක් වුණත් දැන් නම් ඇය සුරූපී කාන්තාවක්. ගායනයට වගේම රංගනයට, නිවේදනයට මෙන්ම අධ්‍යාපනයටත් දස්කම් දැක්වූ ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

image 487

”දඟ මල්ල” කතා මාලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනාගත් නතාෂා මේ වෙනකොට නම් විදෙස්ගතව තමයි ඉන්නේ. ඉතින් කාලයෙන් කාලයට පුවත් මවන ඇය සමාජ මාධ්‍ය නිසා නිරතුරුව ප්‍රේක්ෂක අවදානය දිනාගන්නා චරිතයක්.

image 491

නතාෂා විවාහ වෙන්නේ ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමඟයි. මේ වෙනකොට ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අතර ඔවුන්ගේ වෘත්තිමය ජීවිතයට මුල්තැන දීලා කටයුතු කරනවා.

image 490

නිවාඩු ලැබෙන වෙලාවට ලංකාවට එන බව තමයි නතාෂා නම් මීට පෙර පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරලා තිබ්බේ.

image 488

කොහොම නමුත් නතාෂා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිටින අතරේ සමාජ මාධ්‍ය කළඹමින් ඡායාරූප පෙළක් එකතු කර තිබෙනවා. ඒ ගැන බොහෝ දෙනා විවිධ අදහස් දක්වා තිබෙනු දැකගත හැකි ද වනවා.

image 489



Leave a Reply

Your email address will not be published.