නතාෂා පෙරේරා කියන්නේ ලාංකේය කළා ක්ෂේත්රය තුල ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක්. බොහෝ කළා ශිල්පින් ගැන මෙන්ම නතාෂා ගැනත් ගොඩක් දේවල් සමාජ මාධ්‍ය තුල කතාකරන්න පටන් අරගෙන තියනවා. මේ හැම දෙයකටම උත්තර දෙන්න නතාෂා පුවත්පත් සාකච්චාවකදී කියපු දේවල් තමයි මේ. ජිවිතේ හොඳයි ඉතින් මං වැඩිපුර ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ. අවුද්දකට දෙකකට සැරයක් වගේ තමයි ලංකාවට එන්නේ. ප්රිහානුත් එයාගේ ව්‍යාපාර කරගෙන ඉන්නවා.
අපි දෙන්නා වෙන් වෙන් වශයෙන් ක්ෂේත්රය ආපු නිසා එකට නිර්මාණ කරන්න ඕන නැහැ කියලා හිතුනා. තව කෙනෙක් කරන නිසා අපිත් එහෙම කරමු කියලා එහෙම ඕනේ නැහැ. මට කටකතානම් හැදෙන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයිනේ. ඒවාට කලබල වෙන්නේ නැහැ, ප්‍රිහාන් සහ මම දික්කසාද වෙලා කියලා හැමතැනකම කතාවක් ගියා. අපි දෙන්නා නිතරම ෆොටෝ ගහලා දන්නෙත් නැහැ එකට ගමන් බිමන් යන්නත් වෙලාවක් නැහැ.
ඔය නිසා වෙන්න ඇති එහෙම කතා හැදුනේ කියලයි මම හිතන්නේ. නීතිඥ වෘත්තියට අවේ 2015 අවුරුද්දේ. ටික කාලයක් වැඩ කරලා තමයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ. ඒත් මහන්සි වෙලා ඉගනගත්ත දෙයින් සමාජයට වැඩක් කරන්නත් ඕන. කලාව කියන්නේ මම පුංචි කාලේ ඉඳන් කරන දෙයක්. වෘත්තියක් විදියට නෙවෙයි කලාව කළේ අර්ධ කාලීනව. ප්‍රිහාන් සහ මම ක්ෂේත්රයට ඇවිල්ලා ගොඩක් කාලයක් වෙනවා. දෙන්නම ඒ ගැන දන්න නිසා අපේ විශ්වාසය කැඩෙන්නේ නැහැ.
දැන් වෙනකොට මම නිර්මාණ කරලා තියෙන්නේ ටිකයි, හැබැයි ඒවාට සම්මානත් හම්බ වෙලා තියනවා. නිර්මාණයේ තියෙන ගුණාත්මක බව තමයි මම බලන්නේ. කරන්නන් වාලේ දෙයක් කරනවට වඩා මිනිස්සුන්ගේ හිතන දැනෙන දෙයක් කලාම ඒක හැමදාම පවතිනවා. ලංකාවේ දැවැන්ත අධ්‍යක්ෂක වරුන්ගෙන් සිනමාවට ආරාධනා ලැබුනා. ඒකාලේ ඉගනීම් වැඩ නිසා අකමැත්තෙන් වුනත් ඒවා ප්‍රතික්ෂේප කරන්න වුනා. මම හිතනවා තව ටික කාලයක් මෙහෙම නිහඩව හිටියොත් හොඳයි කියලා. බලමු ඉතින් ඉස්සරහට වැඩ කිහිපයක් කරන්න හිතාගන ඉන්නවා