ඉතින් ඒ දෙන්නා break-up වෙලා.
වෙලාව තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න.
මම කාලයක් තිස්සේ බලන channel එකක් තමයි Nas Daily කියන්නේ. ලෝකේ ගැන ගොඩක් තොරතුරු ඉතාම කෙටි කාලයකින් බලාගන්න පුලුවන් හොඳ චැනල් එකක්. ඒ වගේම Nas ආපු ගමන මම කාලයක් තිස්සේ බලන් හිටියා. පියවරෙන් පියවර එයා එයාගෙ ටාගට් එකට, හීනෙට යනවා.
නාස් එයාගේ ටාගට් එකට යනකොට එයාට ඇලීන් ව මඟ හැරෙනවා.
සරලවම කිව්වොත් ඒ දෙන්නා වෙන් වෙන්න තීරණය කරන්න හේතුව ඒකයි.
මේ වීඩියෝ එකේ ඒ දෙන්නාගෙ බ්‍රේකප් ස්ටෝරි එක තියෙනවා. හරිම සුහදව ඒ දෙන්නා අදහස් දක්වනවා. ඇලීන් කියන විදියට එයා නාස් වෙනුවෙන් ගොඩක් බලාගෙන ඉන්නවා. එයාට අදටත් නාස් ගැන හැඟීමක් තියෙනවා, ආදරයක් තියෙනවා. ඒත් අවාසනාවකට වගේ නාස් ට පළවෙනි මාස කීපය, අවුරුද්ද හැරෙන්න එතැනින් එහාට ඒ හැඟීම තිබිලා නෑ. එක්කෝ ඒ හැඟීම එයාට අඳුරගන්න බැරි වෙලා. එහෙමත් නැත්නම් එයාගෙ ප්‍රයෝරිටි වල එලීන් හෝ ආදරය කියන දේ නොතිබ්බ නිසා ඒ හැඟීම යටපත් වෙලා.
අවුරුදු හයක ආදර කතාව ඇතුලත ඔවුන් රටවල් 70ක සංචාරය කරලා අපූරු අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තියෙනවා. ජීවිතේ ගොඩක් දේවල් බෙදාගෙන තියෙනවා. ඒත්……..
කෙනෙක්ගෙ ප්‍රයෝරිටීස් අනුව ටාගට් අනුව තමයි අනෙක් කෙනාගෙ තැන තීරණය වෙන්නේ. ඇලීන්ගේ ප්‍රයෝරිටිස් වල උඩම නාස් හිටියට නාස් ගෙ ප්‍රයෝරිටීස් වල ඇලීන් නැහැ.
නාස් එයාගේ වීඩියෝස්, ඇකඩමි එක සහ ව්‍යාපාර වෙනුවෙන් කාලය වෙන් කරනවා. නාස් බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාර වෙනුවෙන් ඇලීන් මීට වඩා අවධානය සහ කාලය දෙයි කියලා.
ඇලීන් කියන්නේ ගොඩක් අවධානය ආදරය හොයන කෙනෙක්. මේ දෙන්නා අතරේ මුලින්ම තිබ්බ අපූරු ආකර්ෂණය ටිකෙන් ටික ඉවත් වෙනවා. ඇලීන් නාස් වෙනුවෙන් තවත් බලන් ඉන්නවා. අවසානයේ ඒ දෙන්නා සුහදව කතා කරලා වෙන් වෙන්න තීරණය කරනවා.
මේ දෙන්නටම ඒක අපහසු තීරණයක්. නාස් ඇලීන් වෙනුවෙන් කාලය වෙන් නොකළට ඇලීන් වෙනුවෙන් එයාගෙ හිතේ සුවිශේෂී තැනක් තියෙනවා. ඒක එයාට තාම තේරුම් ගන්න බෑ. නමුත් මේ වෙලාවේ ගන්න තියෙන හොඳම තීරණය ඒ දෙන්නා ගන්නවා.
මේ වීඩියෝ එකේ අවසානයේ ලස්සන කතාවක් කියනවා.
soulmates are not born, they are made
soulmates කෙනෙක් හැදෙන්න effort එකක් ඒ කියන්නේ මහන්සියක් අවශ්‍යයි. කැපකිරීමක් අවශ්‍යයි. ඒ කැපකිරීම නැති වුණ තැන soulmates ලා නෑ.
මේක views ගන්න කළ තවත් වීඩියෝ එකක් ද එහෙමත් නැත්නම් ඇත්තටම ඇත්තක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.
මිනිස්සුන්ගෙ ජීවිත වල ප්‍රයෝරිටි, ටාගට්ස්, ඩ්‍රීම්ස් තියෙනවා. රිලේශන්ශිප් එකකදි සමහර වෙලාවට මේ ප්‍රයෝරිටි වෙනස් කරගන්න, ටාගට් වෙනස් කරගන්න, සමහර විට අතෑරලාම දාන්න වෙනවා. රිලේශන්ශිප් එකකට අපි දෙන එෆර්ට් එක මත රිලේශන්ශිප් එක කොයිතරම් දුරට අරගෙන යන්න පුලුවන්ද කියන දේ තීරණය වෙනවා. ඒක ඕනෑම සම්බන්ධතාවයකට පොදුයි.
ඉතින් ඔයාට අවශ්‍ය දේ රිලේශන්ශිප් එකකදි නොලැබෙනවා නම්, රිලේශන්ශිප් එකක් තියාගන්න කැපකිරීමක් කරන්න ඔයා සූදානම් නැත්නම්,
Move on
හංසනි හිදැල්ල ආරච්චි