උණුසුම් පුවත්
Search
Untitled design 2

දෙවරක් දික්කසාද වී පිරිමි තිත්තයි කියපු නර්මදාට නැවතත් පෙම්වතෙක්

214

ලංකාවේ ලස්සනම සිංගල් මාම් කෙනෙක් විදියට ජනප්‍රිය වෙලා සිටින රංගන ශිල්පිනියක් තමයි නර්මධා යාපා කියන්නේ. තමන්ගේ මහන්සියෙන්ම වැඩ කරලා දරුවෝ දෙන්නව හදාගෙන ජිවත් වෙන්න ඇයට ශක්තිය තියනවා. ඉතින් නර්මධා පසුගිය දවසක පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. ගැහැනියක් තනියම හිටියත් නැතත් ඇයටත් ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕන, ඒකට හොද රස්සාවක් කරන්න ඕන.

289506425 591146675703025 1417664299320276244 n

ඒකට පවුල් හොඳ සහයෝගයක් ලැබෙන්නත් ඕන එතකොට තමයි ඔලුව නිදහසේ තියාගෙන රස්සාවක් කරන්න වුනත් පුලුවන් වෙන්නේ. තමන්ට හොඳ ස්ථාවරත්වයක් තියනවානම් මම හිතන්නේ නැහැ කාටවත් ඔලුව නවන්න ඕන වේවි කියලා. ගැහැනියක් තනි වුනාම අසරණ වෙන්නේ මෙන්න මේ දේවල් නැතිවුනාම. අපේ ජිවිතේ තෝරාගන්න හැමදෙයක්ම නිවැරදි වෙන්නේ නැහැනේ. දුක සතුට බෙදාගන්න පිරිමියෙක් හිටියනම් හොඳයි.

305666256 646322213518804 8652977496101859101 n

ඒත් එහෙම ඉඳලා ප්‍රශ්නත් එක්ක ජිවත් වෙනවට වඩා තනියම හරි හිත නිදහසේ ඉන්න තියනවානම් කියලා හිතෙනවා. අපි පුංචි කාලේ වගේ නෙවෙයි දැන් ඉන්න දරුවන්ට හොඳට තේරෙනවා. පුංචි කාලේ ඉඳලා මාව දැකලා ලොකු වෙනකොට මාව තේරුම් ගනීවි කියලා හිතනවා. අම්මා මහන්සි වෙනවා රස්සාවක් කරනවා දරුවෝ වෙනුවෙන් හැමදේම කරනවා කියලා එයාලා දවසක තේරුම් ගනීව.

308389925 654945272656498 8171345657505892520 n

ලංකාවේ ගැහැනියක් තනිවුනාම මිනිස්සු කෝච්ච කතා කියනවද, වෙන රටවල් වල මේ වගේ කියන්නේ නැහැ. මන් හිතන්නේ තනියම ඉන්නකොටත් වගකීම් බෙදාගන්න වද වෙන්න දෙයක් නැහැ. පොඩි දෙයක් ගැනත් හොඳට හොයලා බැලෙනවා එතකොට. මම මුලින්ම විවහා වුනේ අවුරුදු විසි තුනෙන්. සහකරුට ඕනෑවටත් වඩා නිදහස දුන්නා විශ්වාස කරලා.

vDdTz1q

හැබැයි එහෙම වැරදි නැවත කරන්නේ නෑ, හැමෝම ඉතින් තමන්ට හිතෙන විදියට කතා කියනවා. නමුත් ජිවත් වෙන්නේ මම ආස කරන විදියට. ඒ වගේම මේ දවස්වල නර්මදාගේ අලුත්ම පෙම්වතෙක් ගැනත් කතාවක් යනවා. ඇයගේ සෝෂල් මිඩියා වල පෙම්වතා එක්ක ඉන්න චයරුපත් පලකරලා තියනවාලු.

22640ce15d4bdb3b87b758864e85ebc2