හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශ වල වාහන වලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම්හල් වෙනම නම් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වනවා.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ඉන්ධන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කරනු ලැබූ අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තිරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින තෙල් පිරවුම්හල් වලින් මෙම අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.