උණුසුම් පුවත්
Search
basil and ranil

”නාමල් ඇතුළු පිරිසකට ඇමතිකම් ඕන” – පොහොට්ටුවෙන් ජනපතිට කියයි

238

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට කැබිනට් ඇමති ධුර ලබා දෙන ලෙස කියමින් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ හේතුව මත ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩල පත්කිරීම කල් යන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු ඉහත සඳහන් පිරිසට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට සජබයෙන් ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් ඒ හා සම්බන්ධවීම අකමැත්ත පළකර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහෙත් සිය සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යවේ නම් යම් විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවයි පොහොට්ටුවේ කණ්ඩායම පවසා ඇත්තේ.

Source – A5 News Sri Lanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *