මෙරට ගායන ක්ෂේත්රය තුළ නමක් දිනාගෙන ඉන්න කොයි කාගෙත් ආදරය වගේම ආකර්ෂණය හිමිකර ගත් දක්ෂ මෙන්ම කඩවසම් ගායකයෙකු තමයි ශිහාන් මිහිරංග කියන්නේ.
ඇත්තෙන්ම ගායන රියැලිටි තරගාවලියක් තුලින් ක්ශේෂ්ත්‍රයට පිවිසෙන ඔහුට මේවෙද්දී ඉහළ රසික ප්‍රතිචාරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

මේ වෙනකොට ඔහුගේ ගීත නිර්මාණ රැසක් මෙරට ජනයා ආදරයෙන් වැලදගෙන තිබෙන අතර ඔහු ගායනා කළ ඔබගේ මතකෙන්, ඇස ගැටෙනා, පෙරදා මැවූ සිනා, අද තනියෙන් මා, සුලගක් වෙලා, මට නෙලා ගන්න බැරි, මේ ඇස් දිහා බලන්, සුදු රෝස මල් වැනි ගීත මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.
‘හිරු ස්ටාර්’ රියැලිටි තරගාවලියේ විනිසුරු මඩුල්ලේ සිටීම නිසා ද ඔහු ගැන නිරතුරු ප්‍රේක්ෂක අවදානය යොමුව තිබුණා.
ඒ කොහොම වෙතත් පසුගිය දවසක ඔහු සංගීත ප්‍රසංගයක ගීත ගයමින් ඉන්න අතරතුර වේදිකාවෙන් බැස රසිකාවියන් අසලට ගොස් ගීත ගායනා කිරීමටයි කටයුතු කර සිටියේ.

ඉතින් ඔහුගේ මේ ක්‍රියාව මෙරට බොහෝ දෙනෙකුගේ පැසසීමට පවා ළක්ව තිබුණා.
ඇත්තෙන්ම කොතරම් ජනප්‍රිය වුවත් ඔහුගේ ඒ නිහතමානීකමනම් වසර ගණනාවක් ගියත් එලෙසමයි.
රටට කොයිතරම් ජනප්‍රිය ගායකයෙක් උවත් ඔහු ගෙදරට තාත්තෙක් වගේම බිරිදට හොද සැමියෙක්.

ඉතින් මේ නිහතමානී ගායන ශිල්පියා පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනක් සමගින් එක්ව ඔහුගේ බිරිද යාලු කර ගත් විදිය ගැන අදහස් දක්වලා තිබුණා. එහිදී ඔහු කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි….
” අපේ ඉස්කෝලේ විනය පාලක සර් තමයි මගේ බිරිදගේ තාත්තා. ඉතින් එයා හොදටම මගෙ කැරැට්ටුවගැන දන්නවා. මම මියුසික් කරන නිසා එයාලා හිතලා තියෙන්නේ මම නරක කෙනෙක් කියලා. මම තවම වයිෆ්ට ආදරය ප්‍රකාශ කරලා නෑ. මොකද මම ආදරය ප්‍රකාශ කරන්න යනකොට එයා දුවනවා. නංගි කියනකොට එයා ස්කූල් වෑන් එකට දුවනවා…

මගේ යාලුවෝ තමයි එයාව කැමති කරවලා තියෙන්නේ මට. එයා කිව්වා ඉස්කෝලෙන් මම අවුට් වෙන්න කලින් එයාලගේ තාත්තගෙන් අහන්න කියලා. ඉතින් මම ගිහින් ඇහුවා. මගේ වයිෆ් කියනවා මම රොමෑන්ටික් මදි කියලා. මට මූනට ආදරෙයි කියන්න මොකද්ද වගේ. සිංදු නම් රොමෑන්ටික විදියට කියන්න පුලුවන්….”

මේ විදිහට තමයි ඔහු පහුගිය දවසක අදහස් දක්වලා තිබුණේ.
ඉතින් මේ ජනප්‍රිය ගායන ශිල්පියාගේ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සියල්ල වගේම බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ඔහුට හැකිවේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.
